27 April 2024
#දේශීය

මෙය අන්තර්කාලීන ආණ්ඩුවක් – ජනපති කියයි

මේ පිහිටවපු ආණ්ඩුව ප්‍රධාන වශයෙන් අප ඉදිරිපත් කළ සැලැස්ම තුළින් ජනතාවට පොරොන්දු ඉටු කිරීම සඳහා සිමා වු ආණ්ඩුවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

අද (22) කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා කියා සිටියේ රටේ විශාල අභියෝග රැසක් ඇති බවත් එය ජය ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි. ඉතා සීමීත කැබිනට් මණ්ඩලයක් නම් කරනු ලැබුවේද එහෙයින් බව හෙතෙම පැවසිය.

ඒ අනුව පසුගිය වකවානුව තුළ පැවතෙන දේශපාලන සංස්කෘතීය තුළ ජනතාව බලාපොරොත්තු වුණා අලුත් යුගයකට යායුතු බවයි.

ඒ අනුව ජනතාව බලාපොරොත්තු වු දේ අප විසින් උපරීමය යොදවා කල යුතු බව ජනාධීපතිවරයා කියා සිටියේය. මීට අමතරව ලබන සඳුදා දින රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවත් ඔවුන්ට අවශ්‍ය සහාය කැබිනට් අමාත්‍යවරුන් විසින් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කර සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *