• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව දේශපාලන පෙරමුණේ මෙහෙයුම් මූලස්ථානය ඇමැති රාජිත හෙළි කරයි

4 February 2019
in දේශීය

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය බවට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාතවරයා මේ බව පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙනුවෙන් අළුත්ගම ධර්ගා නගරයේ ආගමික නායකයින් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධව සංවිධානය කළ උපහාර උත්සවයට ඊයේ (03) පස්වරුවේ එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “අපට 2015 ජනාධිපතිවරණයේ දී කාර්යාලයක් දැමීමට ගොඩනැගිල්ලක් වත් කවුරුවත් දුන්නේ නැහැ. නමුත් මගේ පුතා තිඹිරිගස්යායේ ගොඩනැගිල්ලක් මීලදී ගෙන තිබුනා. එම ගොඩනැගිල්ලේ තමයි කාර්යාලය පවත්වාගෙන ගියේ. එම ස්ථානයේ දී තමයි රූමි මහතා හමු වුනේ. ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය වන්නේත් එම ස්ථානයයි. එහි සිට තමයි ජනාධිපතිවරණ සටන මෙහෙය වන්නේ. 2015 වසරේ ජනාධිපතිවරණ සටන සදහා මම දිවයින පුරා යනවිට රූමි මහතා මා සමග සිටියා. ජනවාරි 08 දින ජයග්‍රහණය භුක්ති විදීමට රූමි මහතා සිටියත් මෙවැනි තනතුරක් ලබාදෙයි කියලා ඔහු හිතුවේ නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක වැටුප් සියයට 50 කින් වැඩි කිරීමේ දී සංස්ථා වෘත්තීය සමිති මගෙන් ඉල්ලා සිටියේ රූමි මහතාට වගකීම් රැසක් බාරදෙන ලෙසයි. ඒ අනුව මම සංස්ථාවේ උත්සවයකට ගිය විට මා සහ රූමි මහතා කථා කරන විට වෘත්තීය සමිති ඔල්වරසන් නැගුවා. වෘත්තීය සමිති නායකයින් සමග හොදින් ගණූදෙනු කිරීම පරිපාලකයෙකුගේ හොද ලක්ෂණයක්. ඔක්තෝබර් 26 දින දේශපාලන අර්බුදය නිර්මාණය වූ පසුවත් රූමි මහතා මා සමග සිටියා. අරලියගහ මන්දිරයේ සිට මම සටන මෙහෙය වන විට මා සමග ලගින්ම සිටියා. රූමි මහතා හොද ව්‍යාපාරිකයෙක්. ඒ බව රුසියාවේ පැවැති තේ අලෙවි ප්‍රදර්ශණයක දී මම හොදින් දුටුවා. රුසියානු භාෂාවෙන් කථා කරමින් ඔහු හොදට තේ අලෙවි කළා. රූමි මහතාගේ පවුල උගත් පවුලක්. සමාජ සේවකයෙක්. ඕනෑම කෙනෙකුට උදවු කිරීමට පැකිලෙන්නේ නැහැ. තම පුතා පිළිබදව මව උනත් ප්‍රකාශ කළේ සමාජ සේවයට කැමැතිවීම පිළිබදව සතුට පළ කරන බවයි. මහා සංඝරත්නයට ද රූමි මහතා උදව් කර තිබෙනවා. රූමි මහතා යනු මගේ සෙවනැල්ලක් කියලා මම ප්‍රකාශ කළා. ඔහුට මෙම තනතුර ලබාදුන්නේ ඉතාම සතුටින්. කාර්යක්ෂමව වැඩ කිරීමටයි. මගේ වැඩපිළිවෙලට රූමි මහතා ශක්තියක් වුනා. ඔහු ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. එවැනි අය සමාජයේ විරලයි. මගේ සහෝදරයෙක් වගේ සිටින මෙවැනි පුද්ගලයින් වර්තමාන සමාජයට අවශ්‍යයයි.” යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෂ්ඨිකාර් ජමීල්, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එම් අම්ජාඩි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ විල්ප්‍රට් කුමාරසිරි, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක ඇතුලු එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

නිර්මාණ ළදරුවන් බිහිකරන්න ඇමෙරිකාවෙන් සුදානමක්

Next Post

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved