• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන්නේ රටේ ජනගහනය , සංචාරකයන්ගේ අනුවයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

21 May 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන්නේ රටේ ජනගහනය , සංචාරකයින්ගේ පැමිණිම වැනි සාධක පදනම් කරගෙන පමණක්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සතොස ආයතනයට අයත් මත්පැන් බලපත්‍ර 100 න් 55 ක් අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් වෙනත් සමාගම් වෙත පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඊයේ (20) පස්වරුවේ කරවනැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදිය.

මත්පැන් සමාගම් වලින් අයවිය යුතු බදු මෙතරම් බලපෑමක් සිදුකොට , මෙතරම් ක්‍රමානුකූලව අයකළ වෙනත් යුගයක් නැතැයි සඳහන් කළ අමාත්‍යවරයා , චෝදනා එල්ල කර ඇති පරිදි සතොසට අයත් මත්පැන් බලපත්‍ර ලබාදෙන ලෙස කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත්, එසේ ඉල්ලීම් ඉදිරිපත් වුවද මත්පැන් බලපත්‍ර තවත් අයෙකුට බදුදීම සිදුකළ නොහැක්කක් බවත් සඳහන් කර සිටියා.

අනීතික මත්පැන් වර්ධනය වීම පාලනය කිරීම රජයේ අරමුණ බවත්, එසේම යම් ප්‍රදේශයකට මත්පැන් බලපත්‍රයක් ලබාදෙන්නේ නම් එම ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් වරයාගේ සහ පොලිසියේ මතය විමසීම අනිවාර්යෙන්ම සිදුකරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර, සාධාරණ විරෝධතාවයන් ඉදිරිපත් වන කිසිම මොහොතක එම ප්‍රදේශ වලට මත්පැන් බලපත්‍ර ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

2003 වර්ෂයේ පමණක් බදු හේතුවෙන් මත්පැන් මිල 108 % කින් ඉහළ ගොස් ඇති බවත් , ඒ අනුව රජය කොයිම මොහොතකවත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය ඉහළ නැංවීමටද කටයුතු නොකරන බවත් සඳහන් කර සිටියා.

රජය තම හිතවතුන්ට මිත්‍රයන්ට මත්පැන් බලපත්‍ර ලබාදෙන බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා , මෙතෙක් කළක් රටබීම හල් සඳහා නිකුත් කරන රා.බී. 04 බලපත්‍රයක්. නිකුත් කිරීමේදී මූලික ගෙවීමක් සිදු නොකළද මේ වන විට එම ගාස්තු ලෙස රුපියල් කෝටි එකහමාරක් ( මිලියන 15 ක් ) අය කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

එසේම සියළුම මත්පැන් බලපත්‍ර සඳහා අයකරන වාර්ෂික ගාස්තුව දස ගුණයකින් ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන් වර්ධනය අවම කිරීම සහ නීත්‍යානුකූල මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීම යන කාරණා දෙකම ඉටුකිරීමට රජය කටයුතු කරමින් සිටින බවද එහිදී ඔහු පවසා සිටියා.

Post Views: 7,933
Previous Post

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් සහ ඇමැති ටිරාන් අතර හමුවක්

Next Post

සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ඉදිරියට යාමේ දී භාෂා දැනුම අඩු වීම විශාල අභියෝගයක් – ඇමැති රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ඉදිරියට යාමේ දී භාෂා දැනුම අඩු වීම විශාල අභියෝගයක් – ඇමැති රමේෂ්

සෞඛ්‍ය වෘත්තිකයින් ලෙස ඉදිරියට යාමේ දී භාෂා දැනුම අඩු වීම විශාල අභියෝගයක් - ඇමැති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved