• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව සන්ධානය එක්වන්න – අගමැති සියළු දෙනාට ආරාධනා කරයි

11 March 2019
in දේශීය

2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේදී සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ උත්සවයට ඊයේ (10) දින සහභාගී වෙමින්.

වත්මන් රජය සිදු කළේ කුමක්දැයි අද ඇතැම් අය විමසා සිටින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ගත වූ කෙටි කාලය තුළ රට සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාවට නංවා ඇති බවත් එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන බවත් පැවසීය.

සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ අද දිනයේ පුරා කළුතර දිස්ත්‍රික්කයේ සියලූ මැතිවරණ කොට්ඨාශවල ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ වැඩපිළිවෙළ යටතේ පාක්‍ෂිකයින් මෙන්ම සෙසු ජනකොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා සුවදුක් විමසා බලමින් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොට්ඨාශයෙන් කොට්ඨාශයට ගියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජාතික සංවිධායක නවීන් දිසානායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා, සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු එජාප ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඒහිදී අග්‍රාමාත්‍යවරයා මෙ‌සේ අදහස් පල කර සිටියේ ” පසුගිය කාලය තුළ අප සිදු කළ සංවර්ධන වැඩකටයුතු වල ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග, විදුලිය, ජලය වැනි සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අප ඇති කළා. අපේ ආණ්ඩුව මොනවද කළේ කියා අද ඇතැම් අය විමසා සිටිනවා. අපි බෙර ගහන්න ගියේ නැහැ. නිහඬව වැඩ කළා. එහි ප්‍රතිඵල ඉදිරියේදී භුක්ති විඳීමට හැකි වෙනවා. වසර හතරක් තුළ අප සිදු කළ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵල ලැබීම ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව පිහිටුවන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමග එක් වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කර සිටිනවා.

 

Post Views: 7
Previous Post

දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි

Next Post

දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

editor

editor

Next Post

දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved