• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව සමාජිකයන් ලක්ෂ 20 ක් සමගියට එකතු කරගන්නවා – මන්ත්‍රි තිස්ස

27 May 2024
in දේශීය, පුවත්
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

සමගි ජනබලවේගයේ සමාජිකත්වය ලබාගෙන නැති සමගි ජනබලවේගයේ නොවන සමාජිකයන් ලක්ෂ 20 ක් බඳවා ගැනීමේ වැඩසටහන ජුනි මාසයේ 7 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (27) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම වැඩසටහන හරහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකින්ම නව සමාජිකයන් 200 ක් එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් නව සමාජිකයන් ලක්ෂ 20 ක් දවස් 10 තුළ සමගි ජනබලවේගයට එකතු කරගැනීමේ දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ‘‘ගම් මට්ටමින් ආරම්භ කළ ජන පවුර ව්‍යාපාරය අද මුළු රටම වැළඳ ගත්ත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. ඡන්ද පොල මට්ටමින් ඡන්ද මධ්‍යස්ථාන ජයග්‍රහනය කිරිම සඳහා අවශ්‍ය සංවිධානය ගොඩනැගිම තමයි ජන පවුර වැඩසටහනේ මුලික බලාපොරොත්තුව. ඡන්ද පොල මට්ටමින් ගොඩනගන ජන පවුර බලකාය ගොඩනැගීම සහ ජන පවුර හරහා ඡන්ද පොළවල් 12,000 ක් සංවිධානය කරන වැඩපිළිවෙළ ආරම්භ කිරිමට තමයි ජන පවුර වැඩසටහන මාලාව ආරම්භ කළේ. එහි තවත් අදියරක් ලෙස ජනපවුර රැළි ආරම්භ කිරිමට සමගි ජනබලවේගය කටයුතු කළා. ඒ ජනපවුර රැළි සෑම එකක්ම සාර්ථකව සංවිධානය කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම රටේ ජනතාවගෙන් බහුතරයක් සමගි ජනබලවේගය පිළිබඳව සහ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති කරගෙන තිබෙන බව ජනපවුර වැඩසටහන් හරහා පෙනෙන්න තිබෙනවා. ජන පවුර රැළි කොට්ඨාස මට්ටමින් , පළාත් මට්ටමින් , දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය වැඩි දියුණු කිරිමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිමට මේ වනවිට වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. දිස්ත්‍රික් සමාජික ප්‍රවර්ධන වැඩසටහන් සහ සමාජිකයන් දැනුම්වත් කිරිමේ වැඩපිළිවෙළ ජුනි මාසයේ පළමු වැනිදා සහ දෙවැනිදා කළුතර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම පවත්වන්න කටයුතු සුදානම් කරලා තිබෙනවා. ඒ වගේම ජුනි මාසයේ 7 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ අලුත් සාමාජිකයන් ලක්ෂ 20 ක් අලුතින් බඳවා ගැනිමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කටයුතු සුදානම් කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ සමාජිකත්වය ලබාගෙන නැති සමගි ජනබලවේගයේ නොවන සමාජිකයන් ලක්ෂ 20 ක් බඳවා ගැනිමට තමයි මෙම වැඩපිළි‍වෙළින් කටයුතු කරන්නේ. සෑම ඡන්ද මධ්‍යස්ථානයකින් අවම වශයෙන් නව සමාජිකයන් 200 ක් එකතු කර ගැනිමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අනුව නව සමාජිකයන් ලක්ෂ 20 ක් දවස් 10 තුළ සමගි ජනබලවේගයට එකතු කරගැනිමේ දැවැන්ත මෙහෙයුම ආරම්භ කරලා තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,801
Previous Post

ජනාධිපති ධුරය සඳහා රනිල්ට සමකල හැකි පුද්ගලයක් ශ්‍රි ලංකාවේ තවත් නෑ –  ධීවර ඇමැති ඩග්ලස් 

Next Post

කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

editor ttvnews

editor ttvnews

Next Post
කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved