• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නායකත්වය ගැන තීරණයක් ගන්න ජනතාවට පුළුවන් – ඇමැති සජිත් කියයි

31 May 2019
in දේශීය

රටේ ඉදිරිගමන, නායකත්වය හා ජාතික වැඩපිළිවෙල තීරණය කිරීමට මෙම වසරේදී ජනතාවට අවස්ථාව හිමිවන බවත් රණසිංහ ප්‍රේමදාස නාමයෙන් එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමන් ඇප කැප වන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව, ඇතිනිමලේ ඉදිකළ “ගජමුතුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

දූෂණයෙන් හා වංචාවෙන් තොර පොඩි මිනිසා රජ කරවන කාර්යශූර, අවංක රාජ්‍ය පාලකයෙකු බිහිකිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුව බවත්, එම ජනතා පැතුම ඉටු කිරීමට රණසිංහ ප්‍රේමදාස නාමයෙන් අප අත්වැල් බැඳගෙන කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සම්පත් භාවිතා කළ යුත්තේ පාලකයින්ගේ සුඛවිහරණය උදෙසා නොව රටේ අසරණ පොදු ජනතාවගේ සුඛවිහරණය උදෙසා බැවින් පාලකයින් රටේ සම්පත් අඩුවෙන් භාවිතා කළයුතු බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

අපේ රට සිංගප්පූරු රට මෙන් දියුණු තත්ත්වයට පත් කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුව බවත්, 2019 වසර එම ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් කිරීමට ජනතාවට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසීය.

සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 193 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“ගජමුතුගම” උදා ගම්මානය නිවාස 28 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 379 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 28 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 224 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 28 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 325 කට රුපියල් ලක්ෂ 756 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 126 ක් සඳහා රුපියල් ලක්ෂ 630 ක් වටිනා ‘ග්‍රාමශක්ති’ නිවාස අධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 38 ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස අධාර, වකුගඩු රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 79 ක් වටිනා නිවාස ආධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 26 ක් වටිනා ‘සොඳුරුපියස’ නිවාස ණය ප්‍රදානය, පුහුණුලාභීන් 37 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 19 විටිනා “ශිල්ප සවිය” ප්‍රතිලාභ ප්‍රදානය සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 141 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභිගි විය.

Post Views: 5
Previous Post

විදෙස් ගමන් බලපත් ගාස්තු සංශෝධනය කෙරේ

Next Post

අනාගතයේ දී ISIS ත්‍රස්තයිනට මෙරට ඇතුල්වීම වැලැක්විය යුතුයි – අගමැති

editor

editor

Next Post

අනාගතයේ දී ISIS ත්‍රස්තයිනට මෙරට ඇතුල්වීම වැලැක්විය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved