• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිෂ්පාදනය ඉහළ නංවන්න නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනපති අතින් වීවෘත කරයි

13 October 2018
in සංවර්ධන

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව ගොඩනැගිලි සංකීර්ණය රත්මලාන කදවල ප්‍රදේශයේ ඉදි කර තිබේ.

ජයිකා ආධාර යටතේ ඉදිකර තිඛෙන මෙම කර්මාන්ත ශාලාව සදහා වැය කර ඇති මුදල ජපන් යෙන් මිලියන 1240 කි. එයින් යන්ත්‍රෝපකරණ සදහා වැය කර ඇති මුදල ජපන් යෙන් මිලියන 910 කි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922 ක් වේ. මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337 ක් දක්වා වැඩි වෙනු ඇත. එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ සපුරා ගැනීමට අපේක්ෂිත ය.

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට අමතරව දේශීය හා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් 46 ක් සමග නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් තබා ඇත. එම ගිවිසුම්වලට අනුව දැනට නව කර්මාන්ත ශාලා 03 ක් හොරණ, මහනුවර සහ දිගන ප්‍රදේශවල ඉදිකර ඇති අතර, එහි නිෂ්පාදන වෛද්‍ය සැපයුම් අංශයට ලැඛෙයි. තවත් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03 ක් 2019 වසරේ මුල් භාගයේ දී විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 90 ක් වසර 2020 වන විට මෙරටදීම නිෂ්පාදනය කිරීම අරමුණ වන අතර මෙලෙස ඖෂධ නිෂ්පාදනය කිරීම තුළින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම ස`දහා වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 40 කට අධික මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැඛෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

සමරු ඵලකය නිරාවරණය කර නව ඖෂධ කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති සයුර සමරසුන්දර යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

වංචනික ලිපිවලට රැවටෙන්න එපා – අමාත්‍ය මණ්ඩලය කියයි

Next Post

තවත් උදාගම්මාන 50 ක් හදන්න ඉන්දියාවෙන් ආධාර

editor

editor

Next Post

තවත් උදාගම්මාන 50 ක් හදන්න ඉන්දියාවෙන් ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved