• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෝර්විජියානුවන් මෙරට සමඟ එක්ව තොරතුරු තාක්ෂණය කාර්යය අගය කරන බව අගමැති කියයි

7 October 2018
in ව්‍යාපාර

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නෝර්වීජියානු ආයෝජකයන් ශ්‍රී ලංකාව සමග එක්වී සිදු කරන කාර්යයන් අගය කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ ක්ෂේත්‍ර සඳහා නිපුණයන් ශ්‍රී ලංකාව තුළින් නිර්මාණය කර ගැනීම උදෙසා රජය හා පුද්ගලික අංශ එක්වී පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ නෝර්වේ – ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සමඟ 05 වන දා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර, පයර් එක්ස් හෝටලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නොර්වීජියානු තොරතුරු තාක්‍ෂණ හා මෘදුකාංග නිර්මාණ ආයතනයන් මෙන්ම නෝර්වේ ඇතුළු ලෝකයේ බොහෝ රටවලට තොතුරු තාක්‍ෂණ පහසුකම් සපයන ශ්‍රී ලාංකේය ආයතනයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වන්නේ මිනිස් සම්පත් ඌණතාවය යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

ඒ නිසා ඒ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය උපාධිධාරීන් මෙන්ම නිපුණයන් බිහි කරලීම සඳහා අවශ්‍ය අධ්‍යාපනික ආයතන ආරම්භ කරන ලෙස ආයෝකයන්ගෙන් ඉල්ලා සිටි වික්‍රමසිංහ මහතා, ඒවා සඳහා බඳවා ගන්නා සිසුන්ට අවශ්‍ය සියළු මුල්‍ය ආධාර ලබා දීමට රජය සූදානම් බව ද අවධාරණය කළේය.

ඒ සමගම ධීවර කර්මාන්තය, කෘෂි හා ධීවර නිෂ්පාදන ගබඩා ආදී අංශයන් තුළ ආයෝජන කිරීම සඳහා එක් වන්නැයි ද වික්‍රමසිංහ මහතා නොර්වේ ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

දෙරට අතර තොරතුරු තාක්‍ෂණ‍ ක්ෂේත්‍ර‍යේ විශාල කාර්ය භාරයක් තම සමාගම සිදු කරන බවත්, තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සඳහා ලංකාවේ අවකාශයන් තියෙන බවත් එහිදී අදහස් දැක්වූ ස්ලැස්කොම් (Slasscom) ආයතනයේ සභාපති ජීවන් ඥාණම් (Mr. Jeevan Gnanam )මහතා පැවසීය.

අනාගතයට මගපාදන කේන්ද්‍රය තොරතුරු තාක්‍ෂණය වන බැවින් එම අවකාශයන් තවදුරටත් පුළුල් කරගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ඥාණම් මහතා, දෙරටම කුඩා රටවල් නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම ඉතා වැදගත් වන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව ද්විත්ව පුරවැසිභාවය, සන්නිවේදන පහසුව හා ආයෝජන කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙන බව මෙහිදී අදහස් දැක්වූ එම්බ්ලා (Emble) ආයතනයේ සභාපති ස්ටෙයින් ඉන්ග් හලන්ඩ් (Mr. Stein Inge Haland) මහතා අවධාරණය කළේය. සමාජ ව්‍යවසායකත්වය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමේ සහ තවදුරටත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ටික්රි (Tiqri) ආයතනයේ සභාපති ෆින් වෝර්ම් පීටර්සන් (Mr. Finn Worm Petersen) මහතා කියා සිටියේ පෞද්ගලික සමාගම් හා අනෙකුත් කණ්ඩායම් එකට එක්ව රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල අතර ඇති හිඩැස පිරවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ධාරිතාවය ප්‍රමාණවත් නොවීමේ ගැටලූව විසඳීම සඳහා පෞද්ගලික අංශය හා අධ්‍යාපන පද්ධතිය අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයත්, මෘදුකාංග නිර්මාණය වැනි විෂයයන් අධ්‍යාපන පද්ධතියට අලූතින් හඳුන්වාදීම සිදු කළ යුතු බවත් එම අවස්ථාවට එක්වෙමින් අයිකේටී නොර්වේ (IKT Norge) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හෙයිඩි ඔස්ටින් (Mr. Heidi Austin) මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ 99එක්ස් ටෙක්නොලොජි (99X Technology) ආයතනයේ සභාපති ඩැග් හොනිංන්ස් (Mr. Dag Honningsvag) මහතා, ශ්‍රී ලංකාව යනු ඉතා ආදරණීය රටක් බවත්, තමා වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව අද ඉතා සතුටට පත් වන බවත් සඳහන් කළේය. මා සිදු කළ හොඳම ආයෝජනය එය බව පෙන්වා දුන් හොනිංන්ස් මහතා, ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් තවදුරටත් නව්‍යකරණය කෙරෙහි යොමු කළ යුතු යැයි ද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාවට එක් වූහ.

 

Post Views: 8
Previous Post

ජනතාව වෙනුවෙන් හරි වෙලාවට තීන්දු ගත්තා – ඇමැති දුමින්ද

Next Post

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට රක්ෂණ වන්දි

editor

editor

Next Post

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට රක්ෂණ වන්දි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved