• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පසට පොහොර යෙදීමට පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනව බව ඇමැති හැරිසන් කියයි

10 June 2019
in දේශීය

පොහොර සහනාධාරයෙන් ගෙන්වනු ලබන පෙහොර 1/6 ක් වංචා සහගත ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයන් කොල්ලකන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ ගැටළු සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා” 2017 වර්ෂයේ දී පොහොර පොහොර වෙනුවට මුදල් සහනාධාර ලබා දීමේදී බිලියන 15ක මුදලක් රජය වියදම් කළා. නමුත් බිලියන 35ක මුදලක් පොහොර ගෙන්වීම සඳහා රජය වියදම් කර තිබෙනවා. මින් තේරුම් යනවා රටේ පොහොර අවශ්‍යතාවය බිලියන 15කට සීමා වෙලා කියලා. අනෙකුත් පෞද්ගලික නිෂ්පාදන සඳහා පොහොර යොදා ගන්නා බවට දැනටමත් අපි කරන ලද පරීක්ෂණයකින් අවබෝධ වෙලා තිබෙනවා. ඇතැම් නිෂ්පාදන කරන සමාගමක් 2017 වර්ෂයේ දී මෙරටට මෙ.ටො.3000ක පොහොර ආනයනය කර තිබුණත්, පොහොර සහනාධාරයට පොහොර ලබා දීමේදී එම ආනයනය නවත්තලා තියෙනවා. මින් පෙනී යනවා පොහොර ආනයනය නොකර පෞද්ගලික සමාගම් තම අවශ්‍යතාවලට පොහොර ආනයනය කරන බව. ඒ සමඟම කෝටි 90ක් වැය කරමින් මෙරටට පොහොර ගෙන්වන සමාගමක් පිළිබඳව දැනට අපට තොරතුරු ලැබිලා තියෙනවා. සහනාධාර සඳහා ලබා දෙන පොහොර අලෙවි කරන බවට මේ සමාගම ගැන අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. වෙනත් රටවල් පසේ PH අගය පරික්ෂා කොට අවශ්‍යතාවයට තමයි පොහොර නිකුත් කරන්නේ. මේ සඳහා පාංශු පරීක්ෂණයක් කරනවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා අදාල පරීක්ෂණ සිදු කිරීම සඳහා පෙර පුහුණුවක් ලබා දී පාංශු පරීක්ෂණයකින් අනතුරුව තමයි පොහොර ලබා දීමට කටයුතු කරන්නේ. අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට වඩා තෙල් බෙහෙත් අලෙවි කරන වෙළෙඳසැලේ හිමිකාරයා තමයි තීරණය කරන්නේ බෝගයට ගැලපෙන පොහොර මොනවා ද, බෙහෙත් මොනවා ද කියලා. එකයි ඇත්ත කතාව. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට වඩා තෙල් බෙහෙත් මුදලාලිගේ නිර්දේශය තමයි ගොවියා ක්‍රියාත්මක කරන්නේ. ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම ඉදිරියේදී ගොවි සංවිධාන හරහා ගොයම් කැපීමේ යන්ත්‍ර ලබා දීමට අපි කටයුතු කරනවා. පෞද්ගලික අංශයට වඩා අඩුවෙන් ගොවියාගේ දායකත්වය 50% පමණ ගොයම් කැපීම සඳහා ගොයම් කැපීමේ යන්ත්‍ර යෙදවීමට බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 9
Previous Post

බොරු දැම්මොත් වැඩ වරදින බව අධිකරණ ඇමැතිගෙන් අවවාදයක්

Next Post

අපි ඉවත් වීම දඩමීමා කරගන්න එපා – කබීර් හෂීම්

editor

editor

Next Post

අපි ඉවත් වීම දඩමීමා කරගන්න එපා - කබීර් හෂීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved