• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක

26 February 2019
in දේශීය

“බමුණුකුලයේ බිද වැටී‍‍ම” ග්‍රන්ථය රචනා කරමින් මෙරට දේශපාලන චින්තනයට ප්‍රභල බලපෑමක් කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වර්තමානයේ ජීවතුන් අතර සිටියේ නම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිලිබඳව පසුගිය සිදුවීම් අලලා අනාගතයට පාඩම් ඉගෙන ගත හැකි අපූර්වතම කෘතියක් රචනා කරනු ඇති බව ද කෙසේ හෝ අවසන් මොහෙතේ දී ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම භාග්‍යයක් බව ද කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

අප රට තුල සිදු වූ සමාජ පරිණාමය සහ දේශපාලන විකාශනය මැනවින් විදහා දැක්වෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතින් පරිශීලනය ‍කිරීමෙන් ඉතිහාස ගවේෂණයක් සිදු කළ හැකි බව ද කථානායකවරයා පැවසීය.

කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ පසුගිය සඳුදා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රචනා කළ පොත් 132කින් යුතු නිර්මාණ සමූහය පාර්ලිමේන්තුව වෙත පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙම අවස්ථාවට මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මුණුපුරු මාලින් වික්‍රමසිංහ, පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති යන මහත්වරු ද එක් වූ අතර ග්‍රන්ථ එකතුව මාලින් වික්‍රමසිංහ මහතා අතින් කථානායකවරයා වෙත පිරිනැමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය මහතා සඳහන් කළේ අදත් එවකට පැවැති ශ්‍රී ලාංකිකයාගේ ගැමි ජීවන රටාව අධ්‍යයනය කළ හැකි වටිනාම මූලාශ්‍ර සපයනුයේ මහා ගත් කරුවාණන්ගේ පොත පතින් බව සඳහන් කළේය. එතුමන් ලියූ විරාගය, කලියුගය, යුගාන්තය වැනි ග්‍රන්ථ හෙළයේ සම්භාව්‍ය සාහිත්‍යයේ පදනම විශාල පරාසයක් දක්වා පුළුල් කිරීමට සමත් වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය ඇසුරු කිරිමට සමත් වූ තමන් එම ලේඛන ‍කලාවට මෙන්ම පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලද පුද්ගලයෙකු ලොව පිළිගත් මහා ප්‍රාඥයෙකු වීමේ වික්‍රමසිංහයන්ගේ අසිරිමත් ජිවන වෘත්තාන්තයට ද බෙහෙවින් ගරු කරන්නේයැයි කථානායකවරයා සඳහන් කළේය. මානව විද්‍යාව, සමාජ විද්‍යාව,දේශපාලන විද්‍යාව, දේව ධර්ම විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ඉතා පුළුල් පරාසයක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දෘෂ්ටිය විහිදී තිබූ බව සඳහන් කළ කථනායකවරයා හෙළයේ මහා ගත්කරුවාණන්ගේ ග්‍රන්ථ එකතුවක් පාර්ලිමේන්තු පුස්තකාලයට එක් වීම අතිශයින්ම වැදගත් වන බව ද පෙන්වා දෙමින් මෙසේ පැවසීය.

 

Post Views: 24
Previous Post

බැඳුම්කර වංචා වාර්තාව කෝ? ජනතා උද්ඝෝෂණයක් හෙට

Next Post

සංවර්ධනය වේගවත් කරන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරු කැඳවයි

editor

editor

Next Post

සංවර්ධනය වේගවත් කරන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරු කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved