27 April 2024
#දේශීය

බැඳුම්කර වංචා වාර්තාව කෝ? ජනතා උද්ඝෝෂණයක් හෙට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට වූයේ කුමක්දැයි හෙළි කරන ලෙස බලකරමින් දූෂණ විරෝධි හඬ සංවිධානයේ නායකත්වයෙන් යුතු ජනතා උද්ඝෝෂණයක් හෙට (27) දින පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය (කොළඹ 01) ඉදිරිපිටදී පැවැත්වේ.

මෙම උද්ඝෝෂනය අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබේ.

මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26 ක්‌ සහ සංක්‍ෂිප්ත වාර්තාවක්‌ද බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන 34ක පිටපත්ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2018 ජනවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ලබාදී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *