27 April 2024
#සංවර්ධන

සංවර්ධනය වේගවත් කරන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරු කැඳවයි

රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ගම්පෙරළිය වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය මෙන්ම එම කටයුතු වේගවත්ව සිදුකළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුකරන ලදී.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු ද සහභාගි වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *