• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රවාහන කොන්දේසි කැඩුවොත් ලයිශන් කැන්සල්

20 April 2020
in දේශීය

කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර  අද(20) තංගල්ලේදී පැවැසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තංගල්ල ඩිපෝවට පැමිණි අවස්ථාවේදීය. ඉන් අනතුරුව අමාත්‍යවරයා තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ ද සංචාරයක නිරත වූයේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ නෑගම් යන්න නෙවෙයි. අත්‍යවශ්‍ය රාජකාරී සහ කර්මාන්ත ආදී රැකියාවලට යන්නයි. ජනතාව වැඩි ප්‍රමාණයක් පෙර පරිදි ගමන් බිමන් යන්න පාරට ඇවිත් සිටියා. ජනතාවට ප්‍රවාහනය පහසුකම් සලසන්න අපගේ සේවකයන්ට පැමිණීමේ ගැටළු ඇති වුණා. හෙට දිනයේ සිට මේ ගැටළුව සැලකිය යුතු ප්‍රමාණයක් වෙනස් කරන්න පුළුවන්.
ඇතැම් කොන්දොස්තර මහත්වරු පොඩි පොඩි අඩුපාඩු වැඩ කර ඇති බවට වාර්තා වී තිබෙනවා. එසේ සිදුවීම් තිබුණහොත් ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික බස් රථ කිහිපයකුත් විශාල මගීන් ප්‍රමාණයක් රැගෙන යන බවට අපිට වාර්තා වී තිබෙනවා. ඒ සියලු දෙනාටම එරෙහිව අපි කටයුතු කරනවා.

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ඇඳිරි නීති බලපත්‍ර සහිත වාහනවලට අමතරව කිසිදු වාහනයක් අන්තර් පළාත් ගමනාගමනය සිදුකරන්න එපා යැයි අපි දන්වා තිබෙනවා.

එම කොන්දේසිවලට එරෙහිව ක්‍රියාකළ බස් රථ තිබෙනවා නම් එම බස් රථයේ බලපත්‍ර අහෝසි කරන්න අපි කටයුතු කරනවා.
අද දවසේ ලංගමයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගාණක පාඩුවක් සිදුව තිබෙනවා. අපේ සේවකයන් කවුරුත් රජයේ පාඩුව විඳදරාගෙන ඉන්නේ සේවාවක් විදියට. මෙය වැරැදි විදියට යොදවාගන්නට පෞද්ගලික බස් රථ හිමියන් ක්‍රියාකරනවා නම් ඒ අයගේ බලපත්‍ර අහෝසි කර ඒ අයට දඩුවම් ලබා දීමට කටයුතු කරනවා.

බස්රථවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීමට අපහසුයි. මෙහි වගකීම අපි හැමෝම බාරගත යුතුයි.  බස් රථවල වැඩිපුර අය ගන්නවා නම් අනෙක් අය විරුද්ධ වෙන්න. කවුරුවත් බලෙන් පටවගෙන යනවා නෙවෙයි. ජනතාවම බස්වලට නැඟලා ෆේස්බුක් දැම්මාට වැඩක් වෙන්නේ නැහැ. 

විදුලිබල මණ්ඩලයට සිදුවූ අතපසුවීමක් නිසා මාස දෙකක විදුලි බිල එක්වර ලබා දීම නිසා ජනතාව කරදරයට පත්වූ බව අපිට වාර්තා වී තිබෙනවා. එය වහාම නිවැරදි කරන්නැයි මම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා. ජනතාවගෙන් වැඩි මුදලක් ගන්න අපිට  කිසිම බලාපොරොත්තුවක් නැහැ. විදුලි බිල වැඩි කරන්නේවත් විදුලිය කප්පාදු කරන්නේවත්  විසන්ධි කිරීම් කරන්නෙත් නැහැ.

මගීන් වැඩිපුර පටවා අත්අඩංගුවේ 

තවද රජය මගින් ලබාදුන් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව  බස්රථවල වැඩිපුර මගීන් පටවා ගෙන යෑමට කටයුතු කල   පුද්ගලික බස්රථ තුනක බස්රථ රියදුරන් හා කොන්දොස්තර්වරුන් අද (20) ගාල්ල නගරයේ දි අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අදාළ බස් රථ සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් අනුව දුරස්ථභාවය ආරක්ෂාකරමින් මගින් රැගෙන ගොස් නැත.

ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අදාළ පිරිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.

මෙහිදී පොලිස් නිලධාරින් විසින් මගින්ට කිසිදුකරදරයක් නොමැතිව ගාල්ල බස්නැවතුම්පොළට මගින් ගෙනවිත් දුරස්ථභාවය තබාගෙන වෙනත් බස්රථවල ගමන්කරන ලෙස උපදෙස් ලබාදීමට කටයුතු කළ බවත් වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත්බස්රථ රියදුරන්ට හා කොන්දොස්තර්වරුන්ට එරෙහින නිරෝධායන පනත යටතේ නිතිමය කටයුතු කරණ බව ගාල්ල පොලිසියේ රථවාහන අංශය පවසයි. ධාවනය වන බස්රථ වලින් සියයට 98ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මගින් බස්රථවලට නංවාගෙන ධාවනය වු බව පොලිසිය පවසයි.

Post Views: 10
Previous Post

කොරෝනා නීතිපති දෙපාර්තමේන්තුවත් වසා දමයි

Next Post

ඇඳිරි නීතිය ඉවත් කළේ ඡන්දේ තියන්න නෙමෙයි – රෝහිත අබේගුණවර්ධන කියයි

editor

editor

Next Post

ඇඳිරි නීතිය ඉවත් කළේ ඡන්දේ තියන්න නෙමෙයි - රෝහිත අබේගුණවර්ධන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved