27 April 2024
#දේශීය

කොරෝනා නීතිපති දෙපාර්තමේන්තුවත් වසා දමයි

නව කොරෝනා වසංගතය හමු වේ නීතිපති දෙපාර්තමේන්තුවත් දින නියමයක් නැතිව වහන්න සිදු වී ඇති බව  වාර්තා විය.

ඒ නීතිපති ‌දෙපාර්තමේන්තුවේ ‌සේවය කළ ‌පෞද්ගලික ආරක්ෂක සමාගමක ‌සේවිකාවකට ‌කොරෝනා ‌රෝගය වැළදී ඇති බව වාර්තා වීමත් සමගය.

මේ අනූව  නීතිපති ‌දෙපාර්තමේන්තුවේ ‌කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ‌ගෙන තිබේ.

අතිරේක ‌සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණ ‌සේවා ‌කොමිසම ‌වෙත ලිපියක් ‌යොමු කරමින් ‌මේ බව දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *