27 July 2024
#දේශීය

පාර්ලිමේන්තුව හෙටත් රැස් වෙයි ..!

පාරිලිමේන්තුව හෙට (12) දින රැස්වන බවත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.  පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවත් පළමු වරට හෙට දින රැස්වීමට නියමිත තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබද කරුණු සොයා බැලීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවේ සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් ඇතුළත්ව සිටියි.

පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ දේපලවලට ද හානී සිදුවූ අතර රුපියල් දෙලක්ෂ 60,000ක් පමණ එහිදී පාඩු සිදුව ඇති බව තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබදව හෙට පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වී සිය කමිටුව විමර්ශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *