• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් පද්ධතිය ,පාසල දරුවන්ට ආරක්‍ෂාව සහිත භුමියක් බවට පත් කිරිම සියලූ දෙනාගෙ වගකීමයි’– ආරක්‍ෂක රාජ්‍ය ඇමැති තෙන්නකෝන්

29 May 2024
in දේශීය, පුවත්
කොළඹ ඇති අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථා වලදී පාසල ආරක්ශිත පරිසරයක් බවට සහතික කිරීම තුළින් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම අපගේ ආපදා කළමනාකරණ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ආපදා කළමනාකරණ සූදානම සම්බන්ධයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර, අවදානම් තක්සේරු කිරීම සඳහා දිස්ත්‍රික් කමිටු යාවත්කාලීන කර සක්‍රීය කරන ලෙස මෙම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම හදිසි අවස්ථාවන්ට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා හදිසි සැලසුම් සකස් කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත්‍ ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් මාධ්‍ය හමුවේදී හෙතෙම කියා සිටියේය.

“සුරකිමු” පාසල් සුරක්‍ෂා වැඩසටහනේ වැදගත්කම අවධාරණය කළ ඔහු දිවයිනේ පාසල් 10126 සිටින සියලුම සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවත් අදාළ බලධාරීන් සහ අදාල රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර විශේෂ පාසල් කමිටු පිහිටුවීමට යෝජනා කිරීමට අදහස් කරන බවත් පැවසීය. මේ සඳහා පාසල් හී විදුහල්පතිවරුන් යටතේ ඇති ආදි ශිෂ්‍ය සහ ගුරු දෙගුරු සංගම්වල ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවද මෙහිදී ඔහු පැවසීය.

පාසල් මට්ටමින් ආපදා පෙර සූදානමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය වරයා සෑම පාසලකින්ම අවම වශයෙන් මූලික ප්‍රථමාධාර සඳහා ගුරුවරුන් දෙදෙනකු බැගින් තෝරාගෙන පුහුණු කිරීමට සැලසුම් කර ඇති බවත්, නිසි පරිදි සූදානම් කරන ලද ප්‍රථමාධාර කට්ටල පාසලේ ඇති බව සහතික කර ගැනීමට කටයුතු සිදු කරන බවත් පැවසීය.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේදී අමාත්‍ය තෙන්නකෝන් “සුරකිමු”පාසල් සුරක්‍ෂා වැඩසටහන ඇතුළු ක්‍රියාකාරී වැඩසටහන් පිළිබඳ විස්තර කළ අතර ඉදිරියේ දී සිදු කිරීමට නියමිත පාසල් සිසුන්ට ප්‍රතිලාභ සැලසෙන වැඩසටහන් සඳහා ඔවුන්ගේ සහායද ඉල්ලා සිටියේය.

හදිසි ආපදා කළමනාකරණ කටයුතු වලදී මුහුණ දෙන ඇතැම් නීතිමය බාධාවන් මඟහරවා ගැනීම සඳහා විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 16,996
Previous Post

මාලඹේ, බොරලැස්ගමුව සහ මාකුඹුර යන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම යළි ඇරඹේ

Next Post

ජනපති රනිල් ජනතාවගේ විශ්වාසය රැක ගන්න කෙනෙක් ..රංගේට රවිගෙන් උත්තරයක්

editor ttvnews

editor ttvnews

Next Post
ඇති නැති පරතරය විකිණීමෙන් දේශපාලනය කිරීම තමා රටට හෙණය වෙලා තියෙන්නේ – හිටපු අමාත්‍ය රවි කරුණානායක

ජනපති රනිල් ජනතාවගේ විශ්වාසය රැක ගන්න කෙනෙක් ..රංගේට රවිගෙන් උත්තරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Haleon සහ දන්ත වෛද්‍ය සංගමය  එක්ව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට  දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පවත්වයි

Haleon සහ දන්ත වෛද්‍ය සංගමය එක්ව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පවත්වයි

3 April 2026
අධික වර්ෂාවත් සමඟ  නුවරඑළියේ වියළි කාලගුණයට සහනයක්

අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ වියළි කාලගුණයට සහනයක්

3 April 2026
මෙරට පැවැත්වෙන විශේෂ සාම  පාගමනට රාජ්‍ය අනුග්‍රහය  ලබා දීමට පියවර

මෙරට පැවැත්වෙන විශේෂ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පියවර

3 April 2026

තේ කර්මාන්තයේ ගැටලු කළමනාකරණයට රජය ගත් තීරණ ප්‍රශංසනීය බව සහකාර තේ කොමසාරිස්වරයා පවසයි

3 April 2026

Recent News

Power World සහ  Kings Hospital අත්වැල් බැඳගනී

Power World සහ Kings Hospital අත්වැල් බැඳගනී

3 April 2026
ලංකෙම් සිලෝන් වෙතින්  ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත  සුවිශේෂී මඩ පොහොර මඩ රජා

ලංකෙම් සිලෝන් වෙතින් ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී මඩ පොහොර මඩ රජා

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද ඩොලරයේ විකුණුම්  මිල රුපියල් 318 ක් ලෙස  නොවෙනස්ව පවතී

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 318 ක් ලෙස නොවෙනස්ව පවතී

3 April 2026
ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

ට්‍රම්ප්ගේ පුතුන් මැදපෙරදිග ඩ්‍රෝන වෙළඳපොළට

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved