• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි

27 November 2020
in දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වැලැක්වීමේ නීතිරීති වලට අනුව පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණය යළි ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ධීවර අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පිහිටුවා ඇති පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේසඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමග අන්තර්ජාල හරහා කරන ලද සාකච්ඡාවකදීය.

එම විශේසඥ කමිටුවේ නිර්දේශය මත විවෘත කිරීම සදහා කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙහිදී අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේසඥ කමිටුව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට නිශ්චිත කරුණක් හරියට නොදන්නා බවත් නමුත් තම කමිටුව විසින් කරන ලද විමර්ශනයට අනුව දැනගන්නට ලැබුණු කරුණුව 08ක් ඉදිරිපත් කළ හැකි බවද විශේසඥ කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා විසින් ප්‍රකාශ කරන ලදි. ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු 08 පිළිබදව වෙළද සංගමයේ නියෝජිතයන් හා අමාත්‍යවරයාට පැහැදිලි කල අතර එම කරුණු වලින් වැලකී මෙම වෙළද සංකීරණය විවෘත කිරීමට උපදෙස් ලබා දුනි.

විශේෂයෙන් සිල්ලර වෙළදාම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතු බවට මෙම කමිටුව නිර්දේශ කර ඇත. තොග වෙළදාමද ආරම්භයේදී 25%ක ප්‍රමාණයකින් ආරම්භ කරන ලෙසද පසුව එය ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය කර ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වැලැක්වීමේ නීතිරීති වලට අනුව ක්‍රියාත්මක කරන ලෙස මෙම කමිටුව ලබා දුන් උපදෙස් අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට හා මත්ස්‍ය වෙළදපොලේ නියෝජිතයන්ට පහදා දුනි.

එසේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු වෙළද සංගමයේ ලේකම් ජයන්ත කුරේ හා සහභාපති ජයසිරි ඇතුළු නියෝජිතයින්ගේ අදහස්ද ලබාගත් අමාත්‍යවරයා ඔවුන්ද එම නීතිරීති වලට යටත්ව මත්ස්‍ය වෙළද සංකීර්ණය විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකග විය. ලගදීම නාගරික සංවර්ධන අධිකාරිය හා එක්වී මත්ස්‍ය සංකීර්ණයට නව පිවිසුම් මගක් ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා විසින් පැවසීය.

මෙම සාකච්ඡාව සදහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

Post Views: 3
Previous Post

LPL ක්‍රිකට් තරඟයේ පලමු ජය කලම්බු කින්ග්ස් හිමි කර ගනි

Next Post

නව පොලිස්පති රාජකාරි අරඹයි  

editor

editor

Next Post

නව පොලිස්පති රාජකාරි අරඹයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved