• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුරවැසියෙක් වසරකට හය වතාවක් ප්‍රතිකාර සේවාවන් සදහා රෝහල් වලට පැමිනේ

17 June 2024
in පුවත්
පුරවැසියෙක් වසරකට හය වතාවක් ප්‍රතිකාර සේවාවන් සදහා රෝහල් වලට පැමිනේ

කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩිපුරම රෝහල් වලට සහ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට පැමිනෙන්නේ මෙරට ජනතාව බවත්, මිලියන 55 ක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමටත්, තවත් මිලියන 55 පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බවත්, ‍එලෙස විශාල ලෙස ජනතාව රෝහල් වලට පැමිනීමෙන් පෙනී යන්නේ මෙරට ක්‍රියාත්මක රෝග නිවාරණ අංශයේ සහ රෝහල් වල ලබා දෙන ප්‍රතිකාර වල යම් ගැටලු සහගත තත්ත්වයක් බවත්, එම නිසා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සහ රෝගීන්ට රෝග ඇතිවීම වැළැක්වීමේ වැඩසටහන් ශක්තිමත් කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේබව අවධාරණය කර සිටියේ පසුගිය දින මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම රෝහල් කාර්ය මණ්ඩලය සමග පැවති විශේෂ සාකච්ඡාමය අවස්ථාවේ අදහස් දක්වමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ එක පුරවැසියෙක් වසරකට හය වතාවක් ප්‍රතිකාර සේවාවන් සදහා රෝහල් වලට පැමිණෙන බව මෙරට සෞඛ්‍ය දත්ත පරිශීලනයේදී පෙනෙන ප්‍රධාන කරුණක් බවත්ය.

ගෝලීය දත්ත විමසීමේදී රෝගියාට ලබා දෙන ඖෂධ වගින් ඇතිවන ගැටලු නිසා සියයට විස්සක් පමණ රෝහල් වලට පැමිණෙන බවත්, මෙරට රෝහල් වලටත් එවැනි රෝගීන් පැමිණෙන බවද, රෝහල් ගත විම අතින්ද ශ්‍රී ලංකාවේ රෝහල් ගත වීම ඉහල අගයක් තන්නා බවත් එය ලක්ෂයකට දෙසිය තිස් හතරක් බවද පෙන්වා දුන්නේය.

සියල්ල දෙස බැලීමේදී රෝගී සුරක්ෂිතතාවය ඉතාම වැදගත් වන බවත්, ගුණාත්මක සහතිකයක් (Quality Assurance), රෝගී සුරක්ෂිතතාවයක් (Patient Safety) සදහා ක්‍රියාත්මක වැඩසටහන් ශක්තිමත් කිරීම අවශ්‍යය බවද පැවසීය.

රෝහල්වල Independence actualization Counsil ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බවද, මෙයින් ගුණාත්මක රෝගී ප්‍රතිකාර සේවාවක් ඇතිකිරීම තම අදහස බවත්,එයින් කිසිකෙනෙකුට ගැටලු ඇතිකිරීමට බලාපොරොත්තු නොවන බවද කීහ.

බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරන කාළ සීමාව වැඩි කලහොත් රෝගීන් රෝහල් ගත වීම අඩු වීමට හැකියාවක් පවතින බවද වැඩිදුරටත් පැවසීය.

මෙහිදී මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීම සදහා රුපියල් මිලියන 100 ක මුදලක්ද, වෛද්‍ය උපකරණ ලබා ගැනීම සදහා රුපියල් මිලියන 30 මුදලක්ද ලබාදීමට පියවර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මීට පෙර වෙන් කල මුදලට අමතරව මෙම මුදල් වෙන්කරන ලදී.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ නිළධාරීන් දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලේද විශේෂ නිරීක්ෂණයක නිරතවිය.

එහිදී දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට CT Scan යන්ත්‍රයක් ලබා ගැනීම සදහා රුපියල් මිලියන 200 ක මුදලක් මීට පෙර වෙන් කරන ලද අතර එහි ප්‍රගතිය බැලීමත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් රෝහලේ අලුත් වැඩියා කටයුතු සදහා රුපියල් මිලියන 360 මුදලක්ද, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිළදී ගැනීම සදහා රුපියල් මිලියන 30 මුදලක්ද වෙන් කර දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගත්තේය.

සෞඛ්‍ය ලේකම්වරයෙක් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සහ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලේ සිදුකරන ලද පළමු විශේෂ නිරීක්ෂණ චාරිකාව මෙය වූ අතර එහිදී ලේකම්වරයා විසින් රෝහල් වල බාහිර රෝගී අංශය , වාට්ටු , සායන පවත්වන පරිශ්‍රය, රසායනාගාරය, මුලුතැන්ගෙය, ඖෂධාගාරය, දැඩි සත්තකාර ඒකකය, ශල්‍යාගාරය, ඇතුලු අනෙකුත් අංශ වල විශේෂ නිරීක්ෂණයක නිරත විය. රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදයත්, ඖෂධ වල හිඟතාවයක් පවතින්නේ ද යන්න පිලිබදවත්, රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරයත්, රෝහල තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබදවත්, රෝහල්වලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත් වල අවශ්‍යතාවයන් පිලිබදව විශේෂ අවධානයක් එතුමන් මෙහිදී යොමු කලේය.

රෝහල් වලට අවශ්‍ය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු ‍අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේදී පුහුණුවීම් අවසන් කර පත්වීම් ලබන කණ්ඩායම් වලින් යම් ප්‍රමාණයක් ලබාදීමටද ලේකම්වරයා මෙහිදී එකගතාවය පලකර සිටියේය.

Post Views: 59
Previous Post

අනධ්‍යයන සේවකයන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට හෙට සැලසුම් කර තිබේ

Next Post

බෝංචි කිලෝව 1000යි, තක්කාලි කිලෝව 800යි

Editor TTV News

Editor TTV News

Next Post
බෝංචි කිලෝව 1000යි, තක්කාලි කිලෝව 800යි

බෝංචි කිලෝව 1000යි, තක්කාලි කිලෝව 800යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved