• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිස් නිලධාරින්ගේ ගැටළු විසදීමට පියවර රැසක් ගත් බව ජනපති පවසයි

17 August 2019
in සංවර්ධන

පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොලිස් නිලධාරින් සඳහා සුබසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිකරන ලද මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලු රාජ්‍ය නිලධාරින්ට රාජකාරීමය වශයෙන් මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් උපරිම සහ ඵලදායි මහජන සේවාවක් ජනතාවට හිමිවන බවයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ ගැටලු විසඳීමට තමා විෂය භාර අමාත්‍යවරයා ලෙස පියවර රැසක් ගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ උසස්වීම් සහ දීමනා පිළිබඳ ගැටලුවට ද කඩිනමි විසඳුම් ලබාදෙන බව කියා සිටියේය.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති විශාල පිරිස හේතුවෙන් එකවර එම ගැටලුව විසඳීම අසීරු වුවත් කාණ්ඩ 03 ක් යටතේ එම ගැටලුව කඩිනමින් විසදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මහල් 10කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය නිලධාරින් 1174 දෙනෙකු හට නවාතැන් පහසුකම් සපයා තිබෙන අතර සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 350කි.

සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මේ අතර පොලිස් නිලධාරින් සඳහා සුබසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිරන ලද මට්ටක්කුලිය වෙරළබඩ විවාහක පොලිස් නිල නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

මහල් 11 කින් යුත් මෙම නිවාස සංකීර්ණය විවාහක නිල නිවාස 60කින් සමන්විත අතර පොලිස් පරික්ෂකවරුන් සඳහා නිවාස 18ක් ද, ඉන් පහළ ශ්‍රේණි සඳහා සෙසු නිවාස ද පිරිනමා තිබේ. සියලු පහසුකම්වලින් සමන්විත එම නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 407කි.

සමරු ඵලකය නිරාවරණය කර එම නිවාස සංකීර්ණය ද විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර නිවාසලාභියෙකු වෙත යතුර ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිවාස සංකීර්ණ පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩ බලන පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 14
Previous Post

ජනාධිපතිවරණ සටනට නියතවශයෙන්ම තමන් ඉදිරිපත් වන බව සජිත් කියයි

Next Post

මහේන්ද්‍රන් අයිඩියල් සමාගම වීවෘත කිරීම අගමැති අතින්

editor

editor

Next Post

මහේන්ද්‍රන් අයිඩියල් සමාගම වීවෘත කිරීම අගමැති අතින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved