• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ අය දැන් හෙලවිලා – ඇමැති ලක්ෂ්මන් කියයි

24 December 2018
in දේශීය

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු පක්ෂයෙන් ඉවත් වී මාසයක් අවසන් වූ වහාම ඉබේම ආසනය අහිමි වන බවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහිමි වීම පිළිබඳ තමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල තර්කයක් විවේචනයට ලක් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව අමාත්‍යාශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (24) දින එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉදිරි වසරක පමණ කාළය තුල මෙම අමාත්‍යාංශය හරහා ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබා දෙමින් ජනතා බලාපොරොත්තු ඉටු කරන්නට අප කටයුතු කරනවා. පසුගිය සමය තුල ඇති වූ අර්බුධකාරී තත්වය හේතුවෙන් රට විශාල වශයෙන් ආපස්සට ගමන් කළා. රටක් වශයෙන් අප දිනා සිටි ජාත්‍යන්තර විශ්වාසය, කීර්තිය අපට අහිමි වුනා. පුද්ගලයෙකු ආරක්ෂා කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් රටේ සියළු ජනතාව පෙළ ගැසුණා. අධිකරණය, පොලීසිය ඇතුළු ආයතන ස්වාධීන කිරීම තුලින් යහපාලන රජය ලැබූ ජයග්‍රහණ මුදලින් මනින්න බැහැ.

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහිමි වීම පිළිබඳ මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල තර්කයක් විවේචනයට ලක් කරලා තිබුණා. මේ වගන්තිය පිලිබඳ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු පක්ෂයෙන් ඉවත් වී මාසයක් අවසන් වූ වහාම ඉබේම ආසනය අහිමි වෙනවා. ඒ සඳහා නඩු පවරන්න අවශ්‍ය නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා පක්ෂයක් නැහැ. මේ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ සාමාජික පක්ෂ වලින්. ඒ සාමාජිකත්වයෙන් ඉවත් වුනොත් ඉබේම ආසනය අහිමි වන බව පැහැදිලිවම වගන්තියේ සඳහන් වනවා. පොහොට්ටුවේ අය හිතුවේ නෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතී විරෝධී බවට තීන්දුවක් ලැඛෙයි කියලා. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි මෙවැනි නඩු තීන්දුවක් ලැබුණේ. දැන් පොහොට්ටුව හෙලවිලයි ඉන්නේ. නීතියේ හැටියට මන්ත්‍රී ධූරය අහිමි වෙන්න ඕනේ. ඒ අයට හැමදාම ලැබුනේ දේශපාලන කෝණයෙන් දැකපු නීති උපදෙස්. ඒ නිසයි කථානායක තුමා දුන්න හැම තීන්දුවක්ම අධිකරණයෙන් පිළිගත්තේ.

Post Views: 24
Previous Post

2019 වසරට ඇමෙරිකාවට නව ආරක්ෂක ලේකම්වරයෙක්

Next Post

30 ට වැඩි වුණොත් යනවා උසාවි …. මන්ත්‍රී රෝහිත

editor

editor

Next Post

30 ට වැඩි වුණොත් යනවා උසාවි .... මන්ත්‍රී රෝහිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved