27 April 2024
#විදෙස්

2019 වසරට ඇමෙරිකාවට නව ආරක්ෂක ලේකම්වරයෙක්

2019 වසරේදී ජනවාරි මස 01 වනදා සිට වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පෙට්‍රික් ෂැනහැන්ව පත්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.

ඔහු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් වශයෙන් කලයුතු කර ඇති අතර මෙම පත්වීම ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් සඳහන් කර ඇත.

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ 68 හැවිරිදි ජනරාල් ජේම්ස් මැට්ටිස් පසුගියදා ඉල්ලා අස්විය පෙබරවාරි මාසය තෙක් ධුරය කාලය තිබියදී ඔහු ඉන් ඉවත් ව තිබුනි.

එසේම වැඩබලන නවආරක්ෂක ලේකම් පෙට්‍රික් ෂානාන් 56වැනි වියෙහි පසුවන අතර ඔහු එම ධූරයේ ඉතා දක්‍ෂ ලෙස කටයුතු කරනු ඇතැයි ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබේ.

ඔහු 2007-2008 දක්වා කාලයේදී බොයින් 757 අහස් යානාව නිපදවිමේ වැඩපිළිවෙලේ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර 2016 ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස ද එම සමාගමේම කටයුතු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *