• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටු නායකයින් ජනතාව රවට්ටනවා – එජාප මහලේකම් කියයි

24 October 2019
in දේශීය

පවුල්වාදය කරපින්නාගත් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව මුලාකර ඒකාධිපති වහල් පාලනයක් බිහිකිරීම මිස රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීම නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය හා රටේ අනාගත ගමන්මග සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ රැස්වීම් කිහිපයක දී අදහස් දක්වමිනි.

අප සියලු දෙනාගේ ම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය සහතික කර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පොදුජන පෙරමුණ වේදිකාවේ සිට පවුල්වාදයට ආවඩන සෑම දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නියැලෙන එක්සත් ජාතික පාක්ෂිකයින්ට එරෙහිව ද්වේශයෙන් හා වෛරයෙන් ක්‍රියාකරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව යකඩ සපත්තුවෙන් පාගන හිට්ලර් යුගයේ පාලන ක්‍රමයක් බිහිකිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ වී තිබෙන බවත් සඳහන් කළේය.

ඇතමුන් විසින් සිදුකරන විවිධ බාධා මැද වුවත් රට අද වනවිට විශාල සංවර්ධනයකට හිමිකම් කියන්නේ, දෙස් විදෙස් ණය ගෙවන අතර රාජ්‍ය සේවක වැටුප් 107% ක් වැඩිකරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස හා නාගරික සංවර්ධනය, මහා මාර්ග හා ප්‍රවාහන ආදී සෑම ක්ෂේත්‍රයකට ම අති විශාල මුදලක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව සිදුකරන ලද නිසා බව ද කීවේය.

 

Post Views: 19
Previous Post

මාධ්‍ය උපමාන කැඩුවොත් වැඩ වරදින බව මැ.කෝ කියයි

Next Post

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ දියුණුවට හා රටේ දියුණුවට නව වැඩපිළිවලක් – ඇමති පාඨලි

editor

editor

Next Post

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ දියුණුවට හා රටේ දියුණුවට නව වැඩපිළිවලක් - ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved