• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොර – ඉන්ධන සහනාධාර හා විශ්‍රාම දීමනාව දැන් දෙන්න පුළුවන් – මැ.කො. සභාපති

4 October 2024
in දේශීය, පුවත්
පොහොර – ඉන්ධන සහනාධාර හා විශ්‍රාම දීමනාව දැන් දෙන්න පුළුවන් – මැ.කො. සභාපති

අත්හිටුවූවේ ජනපතිවරණය නිම වන තෙක් පමණයි
මහා මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබුණ ද ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් අනුමත කර තිබියදී අත්හිටුවූ ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය සහ විශ්‍රාමිකයන් සඳහා වූ රුපියල් 3,000ක දීමනාව ඇතුළු දීමනා දැන් ලබාදීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (03දා) පැවසීය. ඒවා අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවද ඔහු කීය.

මෙම දීමනා අතරින් පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීම සහ ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය දී තිබුණත් මැතිවරණ කොමිෂන් සභාව එය අත්හිටුවූ බවට ඇතැමුන් චෝදනා කළ බවද රත්නායක මහතා කීය. එහෙත් මැතිවරණ කොමිසම එම දීමනා අත්හිටුවූවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවත් මේ වනවිට ජනාධිපතිවරණය අවසන් වී ඇති නිසා අවශ්‍ය නම් එම දීමනා නැවත ලබාදීමට නව රජයට හැකි බවත් සභාපතිවරයා පැවසීය.

කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම දීමනා ලබාදීමට උත්සාහ දැරුවේ ජනාධිපතිවරණය ආසන්නයේ බවත්, ඒවා ලබාදීමට යෑමෙන් ඉදිරිපත් වී සිටි අනෙකුත් අපේක්‍ෂකයන්ට අගතියක් සිදුවිය හැකි බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපතිවරණය අවසන් වන තෙක් එම අත්හිටුවීමට කොමිසම තීරණයක් ගත් බවත් රත්නායක මහතා කීය.

එම නිසා ජනාධිපතිවරණය අවසන් වනතෙක් අත්හිටුවූ දේවල් ජනාධිපතිවරණය අවසන් වී ඇති නිසා දැන් ලබාදිය හැකි බව ඒ මහතා කීය. එහෙත් මේ වනවිට මහ මැතිවරණයක් ප්‍රකාශ කර ඇති නිසා එය අවසන් වනතෙක් අලුතින් සහනාධාර ලබාදීම, දී තිබූ සහනාධාර මුදල් වැඩි කිරීම වැනි අලුත් දේවල් ලබාදිය නොහැකි බවද ඔහු කීය.

ජනාධිපතිවරණය පැවති සැප්තැම්බර් මාසයේ සිට මෙම දීමනා ලබාදීමට අනුමැතිය ලැබී තිබූ බවත් එම නිසා එම දීමනා සැප්තැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ලබාදීමේ හැකියාව පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඇතුළු වගකිව යුතු අමාත්‍යාංශ පෙරේදා (02දා) දැනුවත් කළ බවද රත්නායක මහතා පැවසීය.

ඉන්ධන මිල පහළ දැමීමම ද මීට පෙර ගෙන තිබූ තීරණයක් අනුව සිදුකර ඇති නිසා අත්හිටුවීමට මැතිවරණ කොමිසමට අවශ්‍යතාවයක් නැතැයි කී ඒ මහතා පසුගිය ජනාධිපතිවරණය අවසන්වන තෙක් අත්හිටුවා තිබූ දීමනා ජනාධිපතිවරණය අවසන් වී ඇති නිසා ක්‍රියාත්මක කිරීමට කොමිසමෙන් බාධාවක් නැතැයි ද කියා සිටියේය. මෙම දීමනා කොමිසම අත්හිටුවූ බවට ඇතැම් පිරිස් චෝදනා කරන්නේ නිසි අවබෝධයකින් තොරව බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Post Views: 47
Previous Post

අලිසබ්‍රි හිටිය තැනටම !

Next Post

ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved