27 July 2024
#දේශීය

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට සෙනසුරාදා සිට ඉඩ

රැඳවියන් බැලීම සඳහා බන්ධනාගාර වෙත අමුත්තන්ගේ පැමිණීම තහනම් කිරීමේ පියවර සෙනසුරාදා (15) සිට ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ බව තහවුරු කරමින් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවය.

එසේම එක් රැඳවියෙකු හමුවීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමි වන බවත් ඔහු පවසයි.

තවද රැඳවියන්ට පිටින් කෑම ගෙනඒම තවදුරටත් තහනම් බවත් ඔහු පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *