27 April 2024
#දේශීය

මාරක රිය අනතුරින් අට හැවිරිදි දැරිය මරුට

අක්කරපත්තුව, ආලම්කුලම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ටේලරය සහිත ටැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකියව රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් එම රථයේ ගමන් කල ගැහැණු දරුවන් ‍දෙදෙනෙකු තුවාල ලබා අක්කරපත්තු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් ගැහැණු ළමයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දැරිය වයස අවුරුදු 08 ක් වු ඉස්සන්ගඩිචේන ප්‍ර දේශයේදී පදිංචිකාරියකි. මෘත ශරීරය අක්කරපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *