27 July 2024
#දේශීය

පිල්ලෙයාන් සහ අතාවුල්ලා නව ආණ්ඩුවට එක්වෙති

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුතු TMVP  නව රජයට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබේ.

එම පක්‍ෂය මැතිවරණය සඳහා තරඟ වැද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී අසුනක් ජයග්‍රහණය කර ඇත.

කෙසේ වුවත් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන චෝදනා වට ලක්වී බන්ධනාගාරගත කර සිටින අතර මෙම නඩුව තවදුරටත් මඩකලපුව මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර මෙවර මැතිවරණයේ දී එක් මන්ත‍්‍රී ආසනයක් දිනා ගත් ජාතික කොංග්‍රසය ද ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම  පක්ෂයේ මන්ත්‍රී ධුරයකට පත්වූ ඒ.එල්.එම්. අතාවුල්ලා  සඳහන් කරන්නේ තමන් නව රජයට සහාය දෙන බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *