• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
in දේශීය, පුවත්
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

රක්ෂිත බන්ධනාගාර ගත කරන ඕනෑම රැඳවියකු ඊට ඇතුළු කරගැනීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරන බව නීතිඥ චානක අභයවික්‍රම මහතා සඳහන් කරනවා.

ඒ අනුව එම කාර්යය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද සිදු කරන්නට ඇති බව ඔහු පවසනවා.

අනෙක් රැුදවියන් හා සමානව අවම පහසුකම් බන්ධනාගාරය තුළදී ඔහුට හිමිවනු ඇති බවත් සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට අදින්න්ට නියම වන ජම්පරය ඇදීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු කියා සිටියා.

සිමෙන්ති පොළොවේ නිදාගැනීමට සිදුවුණු ඇති බවත් පැවසූ ඔහු වෛද්‍යවරුගේ නිර්දේශයක් මත පැදුරක් හෝ මෙට්ටයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කර සිටියා.

නමුත් පිටතින් ආහාර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ඖෂධ හෝ වෙනත් සෞඛ්‍යමය අවශ්‍යතා වෛද්‍යවරුන් නිර්දේශ මත හිමි වනු ඇති බවද කියා සිටීයි.

කෙසේ වෙතත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව පුවතක් වාර්තා වනවා.

මේ අතර ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී ඇති බවත්, කිසිවෙකු සමග කතා නොකර ඇති බව ද එහි සඳහන්.

එසේම වැලි­ගම පැලෑන ප්‍රදේ­ශයේ සිදු වූ වෙඩි තබා ගැනී­මෙන් පොලිස් නිල­ධා­රි­යකු මිය යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීති­ඥ­වරු කළ ඇප ඉල්ලී­මක් ප්‍රති­ක්ෂේප කළ මාතර මහේ­ස්ත්‍රාත් අරුණ බුද්ධ­දාස මහතා සැක­කරු ලබන 03 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඊයේ (20) නියෝග කළා.

සැක­කරු, දැඩි ආර­ක්ෂා­වක් යටතේ බන්ධ­නා­ගා­රයේ වෙනම ආර­ක්ෂක ස්ථාන­යක රඳවා තබන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියෝග කළා.

අධි­ක­රණ කට­යුතු අව­ස­න්වී­මෙන් පසුව බන්ධ­නා­ගාර නිල­ධා­රීන් බන්ධ­නා­ගාර බස් රථය මඟින් සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා දුම්බර සිර මැදි­රිය වෙත රැගෙන යනු ලැබුවා.

Post Views: 938
Previous Post

දේශබන්දුට බෝතල් නඩුවක් ?

Next Post

කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

කාන්තා හා ළමා  කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved