• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර පාසල්වල අබලන් වූ ගොඩනැගිලි කඩිනම් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ඇරඹේ -ඇමති ප්‍රසන්න

22 May 2023
in දේශීය

බස්නාහිර පළාතේ පාසල්වල අබලන්වූ ගොඩනැගිලි පිලිසකර කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් අරඹන ලෙස⁣ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති මිනුවන්ගොඩ හා ගම්පහ කලාපවල අධ්‍යාපන ව්‍යුහ කමිටුවලට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් පල කලේය “මේවනවිට අඩක් නිම කළ ගොඩනැගිලි රාශියක් පාසල්වල තියෙනවා.අපිට ලොකු ආර්ථික ශක්තියක් නැහැ.ඒ නිසා ඒවා සම්පූර්ණ කර ගන්න ප්‍රතිපාදන නැහැ.මේව කලින් පටන් ගනිපු ඉදිකිරීම්. ඒ වගේම සිසුන් අඩු පාසල්වලට ලොකු වියදමක් කරනවා. එහෙම වෙන්නෙ බැහැ. පාසලකට විදුහල්පතිවරයෙක් පත් කරන කොට ඔහු කලින් සිටි පාසලේ තත්ත්වය, ඔහුගේ මෙහෙවර, ජ්‍යෙෂ්ඨත්වය ගැන සලකා බැලීමක් සිදුවෙන්නේ නැහැ. ඇතැම්විට මේ නිළධාරින් හිතවත්කම් මත විදුහල්පති තනතුරු ලබා දෙනවා. ජ්‍යෙෂ්ඨත්වය තිබුණට වැඩ කරන්න බැහැ. මිනිස්සු පහුගිය කාලේ සිස්ටම් චේන්ජ් කියල කිව්වේ මේව වෙනස් කරන්න කියලයි. පාසලේ විදුහල්පතිවරයා හරියට වැඩ කරන්නේ නැත්නම්, පාසලේ සිසුන් අඩු වෙනවනම් ඒ විදුහල්පතිවරයා ඉවත් කරන්න. ඒතෙන්ට අලුත් කෙනෙක් දාන්න. නිතරම පාසලේ ප්‍රථිඵල විශ්ලේෂණය කරන්න. ඒකට අලුත් ළමයි දාල පොඩි මෙහෙයුම් කාර්යංශයක් හදා ගන්න. තීන්දු ගන්න බය වෙන්න එපා.මම අමාත්‍යංශයේත් එහෙමයි. වැඩ කරන්න බැරි ජ්‍යෙෂ්ඨයෝ පැත්තකට දාල දෙවනි පරම්පරාව එක්ක වැඩ කරනවා. අපි අලුත් මිනිස්සු එක්ක අලුත් ගමනක් යමු. අපි මේවට සම්බන්ධ නැහැ. නමුත් බැණුම් අහන්නෙ දේශපාලනඥයින්.අරගලකාරයො අපේ ගෙවල් මිස නිළධාරින්ගේ ගෙවල් ගිනි තිව්වෙ නැහැ. මේ හරි වැරදි ගැන කතා කරන්න අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්කරන ඕන. මේ ව්‍යුහ කමිටුවලින් අපි අධ්‍යාපනයට බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ලැබෙන තොරතුරු අනුව අපි වැඩ කරනවා.ඒ වගේම පාසලේ ඉදිකිරීම්වලින් විදුහල්පතිවරුන් අයින් කරපු එක හොඳයි. ඉදිකිරීම්වල බලය විදුහල්පතිවරුන්ට දුන්නම ඔවුන් කොන්ත්‍රාත් පස්සෙ යනවා. ඒ වගේම රටේ පවතින වාතාවරණයට ගැලපෙන විදියට වැඩ කරන්න. මම කොහොමත් පංතියක ළමයි 40ට වඩා වැඩි වෙනවට විරුද්ධයි. මිනුවන්ගොඩ කලාපයේ පංතිවලට ළමයි 40ක් ගන්න එපා කියල මම කිව්වා. මිනිස්සු පුද්ගලික පාසල්වලට යන්නෙ රජයේ අධ්‍යාපනය ගැන සෑහීමකට පත්වෙන්න බැරි නිසයි. අපි මේ තත්ත්වය වෙනස් කරමු.මම පළාත් සභාවේ ඉන්න කාලේ පටන්ගත්ත “අපේ පාසල – අපේ දෑතින් සුරකිමු” ව්‍යාපෘතිය ආපහු පටන්ගනිමු. අලුතින් ගුරු පත්වීම් ලබන අයට දුෂ්කර පත්වීම් දෙන්න. ගම්පහ පදිංචි සමහර අය අවුරුදු 10කට වැඩි කාලයක් තවමත් මීගමුව, කොළඹ පළාත්වල සේවය කරනවා. ඒ මිනිස්සුන්ට ළඟ පාසල්වලට පත්වීම් දෙන්න. ගුරුපත්වීම් දෙනකොට චක්‍රලේඛ හරස් වෙනවා. වෘත්තීය සමිති කෑ ගහනවා. ඒ ගොල්ල කියන දේවල් කරන්න බැහැ. ඔය චක්‍රලේඛ හදන්නෙත් නිළධාරින්ම නේ. ඕවටම හිරවෙලා වැඩ කරන්න බෑ. පළාත් අධ්‍යාපන උපදේශන කමිටු පවත්වල මේ ගැටළු සාකච්ඡා කරමු. මම මහ ඇමති කාලේ ඒව කළා. පහුගිය කාලේ මේව නැවතුණා. ඒ ප්‍රශ්න තමයි මේ දිගටම එන්නෙ. මම දේශපලනඥයෙක්. මම ගාවට හැම ජාතියෙම මිනිස්සු එනවා. මම ලියුම් ගැහුව්ව පලියට වැඩ කරන්න එපා. මම කියන දේ හරි නැත්නම් ඒ වැඩේ කරන්න එපා. හැබැයි මාව දැනුවත් කරන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ වජිර රණරාජා පෙරේරා, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 23
Previous Post

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පැෆ්රල් රෝහණ පත් වෙයි

Next Post

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සිය 75 වන ශාඛාව හෝමාගමදී විවෘත කරයි

editor

editor

Next Post

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සිය 75 වන ශාඛාව හෝමාගමදී විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved