• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බහුතරය නැති අයට ඡන්දේ දිනනන් පුළුවන් ද?

17 January 2019
in දේශීය

පාර්ලිමේන්තුව තුල ඡන්දයක් දිනාගන්න බැරි, පාර්ලිමේන්තුවේදී තම බහුතරය පෙන්වාගන්න බැරි පොහොට්ටුවේ අය අද මැතිවරණයකට ඇවිත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක හැප්පෙන්නේ කෙසේ ද යන්න මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රශ්ණ කර සිටි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ කන්නන්තොට ඉහළගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින්.

ඒහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ 113 පෙන්න ගන්න බැරි අය ඡන්දයකට එනවා නම්, එක්සත් ජාතික පක්ෂයත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” පසුගිය ආණ්ඩුව, එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමෘධිය, රැකියාවන්, ලබා නොදුන්නත් අපි ජාතික ආණ්ඩුවක් හදලා සීයයට පනහක් ඇමතිකම් ඛෙදා ගත්තා රට වෙනුවෙන්, රටේ අනාගතය ගැන හිතලයි.

පසුගිය ආණ්ඩුව බලයේ සිටින විට තමන්ගේ ඥාති පරම්පරාවට, ගජ මිතුරන්ට, පවුලේ සමීපතමයන්ට, ජාවාරම්කරුවන්ට, කොන්ත්‍රාත්කරුවන්ට තමයි උදව් කළේ. දැන් මහ ලොකුවට ජනතාව ගැන, රට ගැන කථා කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, ජාතික රජයේ පළමු වසර තුන තුල අනුන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ණය ගෙවන්න සිද්ධ වුණා. පරණ පව් ගෙවන්න සිදු වුණා. මේ සියළු අපහසුතා මධ්‍යයේ වුවත් ජාතික ආණ්ඩුව මේ සියළු අභියෝගයන්ට ඔරොත්තු දුන්නා. පසුගිය කෙටි කාලය තුලදී ජනතාවට සහන රැසක් රජය ලබා දුන්නා.

සමෘධි සහනාධාරය සීයයට දෙසීයකින් වැඩි කළා. රාජ්‍ය සේවයේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. මහපොළ ශීෂ්‍යත්වය වැඩි කළා. ප්‍රධාන ඖෂධ වර්ග හතලිස් අටක මිල අඩු කළා. හැම වසමකටම රුපියල් ලක්ෂ දහය බැගින් මුදල් ආයෝජනය කළා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ප්‍රදානය කළා. මෙතරම් විශාල වැඩ කොටසක් ඉටු කරමින් යනකොට තමයි පස්ස දොරෙන් ඇවිල්ල මේ ආණ්ඩුව පෙරලන්න හැදුවේ.

පාර්ලිමේන්තුව තුල ඡන්දයක් දිනාගන්න බැරි, පාර්ලිමේන්තුවේදී තම බහුතරය පෙන්වාගන්න බැරි පොහොට්ටුවේ අය අද මැතිවරණයකට ඇවිත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක හැප්පෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ 113 පෙන්න ගන්න බැරි අය ඡන්දයකට එනවා නම්, එක්සත් ජාතික පක්ෂයත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. ජනතාව අපි සමඟ සිටිනවා.

තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා තෝරාගන්න බැරි මේ කණ්ඩායම එක පැත්තකින් ශ්‍රී.ල.නි.ප. මහලේකම් කියනවා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙන්න ඕනෙලූ. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එයා තමයි අපේක්ෂකයා විදියට එන්නේ කියලා. පොහොට්ටුවේ පසුපෙල මන්ත්‍රීවරු කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනකල් එක්කෙනෙකුටවත් අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියලා. ඔවුන්ට දැන් අපේක්ෂකයෝ තුන් හතර දෙනෙක් ඉන්නවා.

වැඩපිලිවෙලක් තියෙන එක්සත් ජාතික පක්ෂය ඕනෑම වෙලාවක ඡන්දයකට සූදානම්. පුළුල් සන්ධානයක් එක්ක අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා එA පැත්තෙන් අර තුන්දෙනාම දැම්මත් අපේ අපේකෂකයා දිනවන්න අවශ්‍ය වැඩ පිළිවෙල දැනටමත් සකස් කර තිඛෙනවා” යැයි අමාත්‍ය කබීර් හෂීම් පවසා සිටියේය.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විෙජ්මාන්න, සුජිත් සංජය පෙරේරා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන නායකයින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් නෑ – මුදල් අමාත්‍යංශය

Next Post

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඇමැතිනි තලතාට ලිපියක්

editor

editor

Next Post

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඇමැතිනි තලතාට ලිපියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved