• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෝම්බ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් – මුදල් ඇමති

31 May 2019
in දේශීය

අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට බලපැවැත්වෙන පරිදි සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සංචාරක, ප්‍රවාහන, කලා ආදී ක්ෂේත්‍ර ගණනාවකට මෙම පැකේජය සහන සැලසෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ප්‍රහාරය හේතුවෙන් ප්‍රබලම බලපෑම එල්ල වූ සංචාරක ක්ෂේත්‍රයේ විධිමත් අංශය වෙනුවෙන් මීට පෙර ද සහන රැසක් ලබා දීමට රජය කටයුතු කළේ ය. එහෙත් අවිධිමත් ලෙස සංචාරය ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීන්වල නිතර පාර්ශ්වයන් ද සංචාරකයන්ගේ පැමිණීම පහළ යාමෙන් දැඩි පීඩාවට පත්ව ඇති බැවින් නව සහන පැකේජයට එම පාර්ශ්වන්ද ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ රැකියාවන්හි නිරත ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා නියුක්තිකයන් හා අනිකුත් අනියම් ව්‍යාපාරිකයන්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමට සඳහා සංචාරක පොඩ්ඩෝ නමින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. මේ යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදලක් ලබා දෙනු ලබයි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ලබා දෙනු ලබන මෙම ණය මුදල ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද හිමිවෙයි.

පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් 2019 වසරේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක සඳහා පමා සහන කාලයක් හිමිවේ. ඊට අදාළව බැංකු සහ කල් බදු සමාගම් වෙත මේ වන විට චක්‍ර ලේඛ නිකුත් කර ඇත.

මීට අමතරව එළිමහන් සංගීත සංදර්ශන පවත්වනු ලබන කණ්ඩායම්වල සාමාජිකයන් ලබා ගත් ණය හා ලීසිං පහසුකම් වෙනුවෙන් සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මීට අමරතව ජුනි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 3.46% සහන පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව කාරක ප්‍රාග්ධන මුදලක් ලබා දෙනු ලැබේ. මෙම ණය මුදලේ පොලියෙන් 75%ක් ම දරනු බලන්නේ රජය මගිනි.

මීට අමතරව, තොරණ නිර්මාණකරුවන්, විදුලි කාර්මික ශිල්පීන්, චිත්‍රශිල්පීන් සහ විරුදු ශිල්පීන් වෙනුවෙන් ද සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉතා කඩිනමින් රට යථා තත්ත්වයට පත් කිරීමට හැකි ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඊට ප්‍රධානතම හේතුව රජය ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම බවයි. 2015 දී ණය බරින් මිරිකුණු ආර්ථිකයක් භාර ගත් වත්මන් රජය විවිධ බාධාවන් මධ්‍යයේ වුව ද අද ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාව තුළින් අයිඑස් ත්‍රස්තවාදය තුරන් කිරීමට හැකි වී තිබුණ ද ඒ මුවාවෙන් රට තුළ අන්තවාදය වපුරවමින් පටු වාසි වෙනුවෙන් කටයුතු කරන සිංහල අන්තවාදීන් පිරිසක් සිටීම කණගාටුවකට කරුණක් බව ද අමාත්‍යවරයා පැවැසීය. යළි මෙරට කළු ජූලියක් නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවත්, ඊට එරෙහිව සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතු බවත් මංගල සමරවීර මහතා කියා සිටියේ ය.

Post Views: 9
Previous Post

ප්‍රහාරය ගැන ජනපති දැනුවත් වී නෑ – ජනපති මාධ්‍ය අංශය

Next Post

ජනපති එකඟ වෙනකම් රතන හිමි උපවාසයක

editor

editor

Next Post

ජනපති එකඟ වෙනකම් රතන හිමි උපවාසයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved