27 July 2024
#දේශීය

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්න අය ගැන ජනතාව තේරුම් ගත යුතුයි – ඇමැති අකිල

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩ එන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා පවසයි.

අමා‍ත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙනි.

බෞද්ධයින් හා බෞද්ධ දර්ශනය නඟා සිටුවීමට වත්මන් ආණ්ඩුව තරම් ක්‍රියා කළ තවත් ආණ්ඩුවක් නැති බව අමාත්‍යවරයා පැවසිය.

ඒ් පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ” මම මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව සිටියදී විහාරස්ථාන 1500 කට මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දුන්නා. වි‍ශේෂයෙන්ම අනුරාධපුරයේ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. රුවන්වැලි මහා සෑයේ වැලි ඇතිරීමේ සිට දීඝවාපිය ප්‍රතිසංස්කරණය දක්වා කෝටි ගණනක මුදල් වැය කළා. දීඝවාපිය ප්‍රතිසංස්කරණයට පමණක් රුපියල් කෝටි 75 – 80 වෙන් කළා. ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එම අරමුදල භාර ගත්තාට පසුව පන්සල් වෙහෙර විහාර ආදියට විශාල වශයෙන් වැඩ කර තිබෙනවා. අගමැතිතුමාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ද කෝටි ගණනින් වැඩ කර ති‍බෙනවා. බුද්ධාගම නඟා‍ සිටුවීමට හා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට ඉතිහාසයේ කවරදාවත් මේ ආණ්ඩුව තරම් කවුරුත් වැඩ කර නැහැ.නියම බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේගේ දර්ශනයට අනුව හැසිරිය යුතු බවත් විපක්ෂයේ සමහරුන් පහුගිය කාලයේ හැසිරුණේ බෞද්ධ දර්ශන අනුව නොවන බවත් ඔවුන් මිනීමැරුම් ගසා කෑම් සිදු කරමින් සුදු වෑන් සංස්කෘතියක් ද ක්‍රියාත්මක කරන ලද කළ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා “ අප ගැන කුමන විවේචන කළත් සුදුවෑන් වලින් මිනිස්සු උස්සලත් නැහැ,වෙඩිතියලත් නැහැ,මරලත් නැහැ,එසේ වුවත් සමහරවිට අකරතැබ්බ සිදුවී ඇත්තේ ද අපට ම තමයි. ” යනුවෙන් ද පැවසුව්ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *