• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

භික්ෂුන්වහන්සේලාගේ අයහපත් හැසිරීම් අන්තර්ජාලය පලවීම් ගැන ජනපති කතා කරයි

27 March 2019
in දේශීය

තරුණ භික්ෂුන්වහන්සේලා වැඩි පිරිසක් රට තුළ බෞද්ධාගමික පරිසරයක් සහ යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ නිරතව සිටිය දී ඉතා සුළු පිරිසක් සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල සමස්ථ පූජනීය මහා සංඝරත්නයම විවේචනයට ලක්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඇතැම් භික්ෂුන්වහන්සේලාගේ අයහපත් හැසිරීම් අන්තර්ජාලය ඔස්සේ පළවීම හේතුවෙන් ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජය පිළිබඳ වැරදි ආකල්පයක් ලෝකයේ ප‍්‍රචලිත විය හැකි බවත් මෙම තත්ත්වයන් පිළිබඳ තරුණ භික්ෂුන් වහන්සේ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහර, නාරංවල ශ‍්‍රී සුමනකීර්ති පිරිවෙනෙහි අභිනව දාන ශාලාව සඟ සතුකොට පූජා කිරීමේ සහ නව රැස්වීම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (26) පස්වරුවේ එක්වෙමිනි.

විහාරාධිපති පූජ්‍ය ඌරුවෙල විනීත නායක ස්වාමින්වහන්සේගේ ආරාධනයෙන් ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව දාන ශාලාව සඟ සතු කොට පූජා කරන ලදී.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින්වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය පාඨලී චම්පික රණවක, පා.ම ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 19
Previous Post

කාන්තාව නැතිව රට දියුණු කරන්න බෑ – අගමැති

Next Post

සිරකරුවන් හුවමාරු කිරීමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ගිවිසුමක්

editor

editor

Next Post

සිරකරුවන් හුවමාරු කිරීමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved