• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට හම්බු‍ණේම දණ ගහලා වැටිලා හිටපු ඒවා… ! ඇමැති රවි කියයි

26 March 2019
in දේශීය

2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ ගොඩගන්න අමාරු අමාත්‍යාශයක් බවත් මේ පාරත් ලැබුණේ ඒ වගේම ගොඩගන්න අමාරුම අමාත්‍යාංශයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා උතුරු කොළඹ ආසනයේ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා සදහා මහන මැෂින් ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින්. මෙහිදී පවුල් 30 ඉලක්ක කරගනිමින් මහන මැෂින් ලබාදීම සිදුකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ” මම වසර 11 කට කලින් මේ උතුරු කොළඹ ආසනය බාරගන්න අවස්ථාවේදී, මේ ආසනය තමයි දුගී දුප්පත්ම අසරණම වෙලා තිබුණ ආසනය. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවගේ හදවත් ගොඩාක් සංවේදී, ඒ පැත්තෙන් පොහොසත්ම ආසනයක්. මම මේ ප්‍රදේශයේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු කොටස් එක්සේසත් කරලා, ප්‍රදේශය සංවර්ධනය කරන්නයි බාර ගත්තේ. ඒ කාර්යය මම යටිතල පහසුකම් වලින් ආරම්භ කළා. අනෙක් ආසන වලට වඩා ගෙවල් වැඩියෙන්ම ලබල දුන්න ආසනය තමයි උතුරු කොළඹ. ඒ වගේම තමයි පාරවල්. මේ පාරවල් වල වාහන යනවාට වඩා බෝට්ටු සේවයක් දැම්ම නම් හොදයි. හැමදාම අපි ඉලනවා මේක අංගසම්පූර්ණ කරන්න පුළුවන් කියලා. එක පාරක් ජලනල වෙනුවෙන් පාර කඩනවා. ඊට පස්සේ විදුලිය වෙනුවෙන් පාර කඩනවා. ආයෙමත් ටෙලිකොම් එකෙන් පාර කඩනවා. දැන් පෝර්ට්සිටි නිසාත් පාර කඩනවා. අන්න එහෙමයි අපේ රටේ සංවර්ධනය. කිසිම ඉදිරි දැක්මක් නැතිව, සැලැස්මක් නැතිව තමයි මේ රටේ වැඩ කෙරෙන්නේ. නමුත් අපි කොළඹ නගරසභාවේ තීන්දු කරලා තිබෙනවා මින් පසුව යටිතල පහසුකම් වලට හැම දවසෙම කඩන්නේ නැතිව සැලසුම් සහගතව කටයුතු කරන්න කියලා. අපි වෙනසක් ඇති කරනවාල. ලෝකයේ සෙසු රටවල් අතරින් වැඩිම රජයේ නිලධාරීන් සිටින රට ශ්‍රී ලංකාවයි. නමුත් ලැබෙන ප්‍රථිලාභය කුමක්ද. රටේ ආදායම 45% ක් යන්නේ රජයේ සේවකයන්ට. විශ්‍රාම වැටුපෙන් තවත් 20% ක් යනවා. ඉදිරියටවත් මේ ක්‍රමයේ වෙනසක් ඇති වෙනවානම් හොදයි. ජීවන වියදම අඩු කරනවාට වඩා, ආදායම් උත්පාදන ක්‍රම වැඩි කරනවානම් ජන ජීවිත මීට වඩා සංවර්ධනය කරන්න හැකි වේවි යැයි පැවසීය.

Post Views: 5
Previous Post

පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක්

Next Post

මම දන්නේ නෑ – විජයමුණි ! දුන්නොත් භාර ගන්නා …- ෆවුසි

editor

editor

Next Post

මම දන්නේ නෑ - විජයමුණි ! දුන්නොත් භාර ගන්නා ...- ෆවුසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved