• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම පලාතේ සංවර්ධන ඉලක්කය වසර තුළ අවසන් කරන බව ආණ්ඩුකාර ලලිත් කියයි

16 September 2021
in දේශීය

කොරෝනා අර්බුදය යටතේ වූවද සංවර්ධන ඉලක්ක වසර තුළ අවසාන කිරීම කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම සදහා මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගි වෙමිනි.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත (zoom) තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා සදහන් කළේ දිස්ත්‍රිකයේ අවශ්‍යතා හදුනාගැනීම තුළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම දිනයකම විවෘත කොට තැබීමට තුළ ගොවියාටත් පාරිභෝගිකයාත් අත් වෙන වාසිය සලකා ජනාධිපතිවරයා වෙතින් කළ ඉල්ලීම මත ඒ අවස්ථාව ලැබීමත්, අතරමැදියන් කිහිප දෙනෙක් එකම කෘෂි නිෂ්පාදන නැවත නැවත මිලදී ගැනීමෙන් සිදුවන අනවශ්‍ය ගැටලුව සදහා යෝජනාවක් සැකසීමට ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කරනු ලැබූ බවයි.

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මගින් දේශපාලන අධිකාරියත්, පළාත් සහ මධ්‍යම රාජයේ නිලධාරීන් අතරත් මනා සම්බන්ධතාවයක් පවත්වාගනිමින් සංවර්ධන ව්‍යාප්ති ක්‍රියාවට නැංවීම තුළ වඩා සාර්ථක අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීමට හැකියාවක් පවතින බවත්,පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ එම කාර්ය මණ්ඩල වල කැපවීමෙන් එම කටයුතු වඩා සාර්ථක අයුරින් ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබූ බවත්,ඔවුන්ගේ එම සහයෝගය අගය කළ යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා සදහන් කලේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කොවිඩ් මර්ධන වැඩසටහන සදහා ශක්තියක් වෙමින් ආරක්ෂක සහ අනෙකුත් අංශ දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන අවස්ථාවක ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුකූලව වගකීමකින් කටයුතු කළ යුතු බව හෙතෙම පැවසිය.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සහ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය
නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාතලේ දිස්ත්‍රික්කය තුල පවතින් ප්‍රධාන ගැටලු සහ අනාගත සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 7
Previous Post

වසංගතයෙන් අසරණව සිටින දිවයිනේ පැළ තවාන්කරුවන්ට පරිසර අමාත්‍යාංශයෙන් සහන රැසක්

Next Post

තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි

editor

editor

Next Post

තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved