27 April 2024
#දේශීය

මධ්‍යම පලාතේ සංවර්ධන ඉලක්කය වසර තුළ අවසන් කරන බව ආණ්ඩුකාර ලලිත් කියයි

කොරෝනා අර්බුදය යටතේ වූවද සංවර්ධන ඉලක්ක වසර තුළ අවසාන කිරීම කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම සදහා මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගි වෙමිනි.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත (zoom) තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා සදහන් කළේ දිස්ත්‍රිකයේ අවශ්‍යතා හදුනාගැනීම තුළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම දිනයකම විවෘත කොට තැබීමට තුළ ගොවියාටත් පාරිභෝගිකයාත් අත් වෙන වාසිය සලකා ජනාධිපතිවරයා වෙතින් කළ ඉල්ලීම මත ඒ අවස්ථාව ලැබීමත්, අතරමැදියන් කිහිප දෙනෙක් එකම කෘෂි නිෂ්පාදන නැවත නැවත මිලදී ගැනීමෙන් සිදුවන අනවශ්‍ය ගැටලුව සදහා යෝජනාවක් සැකසීමට ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කරනු ලැබූ බවයි.

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මගින් දේශපාලන අධිකාරියත්, පළාත් සහ මධ්‍යම රාජයේ නිලධාරීන් අතරත් මනා සම්බන්ධතාවයක් පවත්වාගනිමින් සංවර්ධන ව්‍යාප්ති ක්‍රියාවට නැංවීම තුළ වඩා සාර්ථක අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීමට හැකියාවක් පවතින බවත්,පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ එම කාර්ය මණ්ඩල වල කැපවීමෙන් එම කටයුතු වඩා සාර්ථක අයුරින් ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබූ බවත්,ඔවුන්ගේ එම සහයෝගය අගය කළ යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා සදහන් කලේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ කොවිඩ් මර්ධන වැඩසටහන සදහා ශක්තියක් වෙමින් ආරක්ෂක සහ අනෙකුත් අංශ දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන අවස්ථාවක ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුකූලව වගකීමකින් කටයුතු කළ යුතු බව හෙතෙම පැවසිය.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සහ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය
නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාතලේ දිස්ත්‍රික්කය තුල පවතින් ප්‍රධාන ගැටලු සහ අනාගත සැලසුම් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *