• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රි වරප්‍රසාද අහෝසියි!

1 October 2024
in දේශීය, පුවත්
මන්ත්‍රි වරප්‍රසාද අහෝසියි!

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන තීරු බදු රහිත වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමේ යෝජනාව ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමේදී ඊයේ (30 වැනිදා) අනුමත කරන ලදි.

 

මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප, කාර්යාලයක් පවත්වා ගැනීම වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් ලක්ෂයක දීමනාව, රුපියල් පනස් දහසක් වන මාසික දුරකථන දීමනාව ඇතුළු වරප්‍රසාද මේ අනුව අහිමි වෙයි. එමෙන්ම රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් වන වාර්ෂික මුද්දර දීමනාව ද අහෝසි කෙරේ. කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ මුලින්ම එම වරප්‍රසාදවලට අදාළව නිකුත් කර තිබෙන චක්‍රලේඛ අහෝසි කිරීමය.

 

හිටපු ජනාධිපතිවරුන් හා ජනාධිපතිවරුන්ගේ භාර්යාවන් වෙනුවෙන් හිමිවන වරප්‍රසාද ද අහෝසි කිරීමට නියමිත අතර එම ඇතැම් වරප්‍රසාද අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග කීවේය. මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් පනස් හතර දහස් තුන්සිය අසූ පහකි. එම වැටුපට අමතරව පාර්ලිමේන්තුව රැස් වීම්වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක පැමිණීමේ දීමනාව ලෙස රුපියල් දෙදහස් පන්සියයක් ලැබෙන අතර පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන්ද රුපියල් දෙදහස් පන්සියයක් හිමි වෙයි.

 

මීට අමතරව කාර්යාලයක් පවත්වා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලැබෙන අතර සංග්‍රහ දීමනාව ලෙස රුපියල් දහසක් ලැබේ. රියැදුරු දීමනාව රුපියල් තුන් දහස් පන්සීයකි. මාසික දුරකථන දීමනාව රුපියල් පනස් දහසක් වන අතර පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙක් සඳහා රුපියල් දසදහසක් ලැබේ. එමෙන් ම වාර්ෂිකව රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් වටිනා මුද්දර හිමිකමක්ද ඇත. එක් එක් දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර අනුව ඉන්ධන දීමනාවක්ද මන්ත්‍රිවරුන්ට හිමි වෙයි.

 

 

 

Post Views: 41
Previous Post

සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අද විශේෂ අවස්ථාවක්!

Next Post

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඇරඹෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඇරඹෙයි!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඇරඹෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved