• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම මරණ බයේ ජිවත් වෙන්නේ නෑ …… එයා ලෙඩෙක් …… ! ෆොන්සේකා ජනපතිට කියයි

5 December 2018
in දේශීය

කවුරුහරි කෙනෙක් ලව්වා පොතක් ලියවලා මගේ දුවගේ නමින් පොත් ප්‍රකාශයට පත් කරන්නෙවත් හැමදාම පණ බයේ අරයා මරයි මෙයා මරයි කිය කියා කියවන්නේ නොමැති බවත් මම පණ බයේ ජීවත් වෙන්නේ නැති බවත් එය ලෙඩක් බව ෆිල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අතන මෙතන චෝදනා කරන බවයි.  

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය ” ජනාධිපති පෙරේදත් මං ගැන කියලා තිබ්බා. 2010 ජනාධිපතිවරණයෙන් මම දිනුවා නම් පක්ෂ නායකවරුන්ව හම්බෙන්න ලැබෙන එකක් නෑ කියලා තිබ්බා. ජනවාරි 27 වැනි දා පාන්දර 2.02ට තේරීම් භාර නිලධාරී නිකුත් කළ ලියුමක් මම කියවනවා. එච් එම් කේ හේරත් නියෝජ්‍ය පොලිස්පතිට ලියුමක් එවනවා. එහි මෙහෙම තියෙනවා. එදිනම පාන්දර මැතිවරණ කොමසාරිස් පොලිස්පතිට ෆැක්ස් එකක් ගහනවා. (ලිපිය කියවයි.) මේ ලිපි අනුව පැහැදිලි වෙනවා මහින්ද දිනුවද, බලෙන් ගත්තද කියලා. මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනද නැද්ද කියලා පේනවා. මම දිනුවා නම් මේ ජනාධිපති වගේ ව්‍යවස්ථාව කඩන්නේ නෑ. මේ වගේ වැඩ කරන්නේ නෑ. යූ ඇන්පි යෙන් දිනලා අනිත් පක්ෂෙට ගිහින් යූඇන්පියට ගහන්නේ නෑ. පැරදිලා ගිහින් මැදමුලනේ ජනේලේ එල්ලුණු කෙනාව යළිත් අගමැති කරන්නේ නෑ. මමත් සුමාන දෙකකට වරක් පිටරට යන්නෙත් නෑ. මම ඇමැතිවරයෙක් වෙලා අවුරුදු තුන හමාරක් වෙනවා. තවම එක වතාවක්වත් රජයේ මුදලින් පිටරට ගිහින් නැහැ. කවුරුහරි කෙනෙක් ලව්වා පොතක් ලියවලා මගේ දුවගේ නමින් පොත් ප්‍රකාශයට පත් කරන්නෙත් නෑ. හැමදාම පණ බයේ අරයා මරයි මෙයා මරයි කිය කියා කියවන්නේ නෑ. මම පණ බයේ ජීවත් වෙන්නේ නෑ. එය ලෙඩක්. මම රංගේ කියලා සල්ලි දීලා කොටා බාන්නෙත් කෑ. මොරගහකන්ද වගේ තැනකට ගිහින් සන්ග්ලාස් දාලා ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ. අපි ව්‍යවස්ථාව වෙනස් කරලා හරි ඇමෙරිකාවේ විදියට ජනාධිපතිවරයාගේ ඉඳන් ප්‍රධාන නිලධාරීන් මානසික පරීක්ෂාවට ලක් කරන්න පුලුවන් ක්‍රමවේදයක් හදමු. යැයි ෆිල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා යැයි වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

පාර්ලිමේන්තුව රැස් වෙයි…. අදත් මහින්ද පිල සහභාගී නොවෙයි

Next Post

මෛත්‍රි පරාජය භාර ගන්න …. විජිත කියයි

editor

editor

Next Post

මෛත්‍රි පරාජය භාර ගන්න .... විජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved