• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද , රාජිතට දුන් චරිත සහතිකයක්.. !

10 February 2019
in සංවර්ධන

වාචාලකම් දොඩවන දේශප්‍රේමීන් නිසා රට විනාශයට පත් වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල බටඇල උතුර ප්‍රදේශයේ ඉදි කළ 07 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව ඊයේ (09) පෙරවරුවේ විවෘත කරමින්.

දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් මිලියන 600 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 150 කට මෙමගින් රුකියා හිමි වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “අපේ රටේ සිටි දේශප්‍රේමීන් ඇතැම් පුද්ගලයින් විසින් ඝාතනය කළා. රටේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. එවැනි අය තමයි දේශප්‍රේමීන් වන්නේ. දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඖෂධ කර්මාන්ත ශාලා 07 ක් මේ වන විට විවෘත කර තිබෙනවා. එම ආයෝජකයින්ට හරිම පහසුවෙන් කර්මාන්ත ශාලා ඉදිකිරීමට හැකියාව ලැබුනා. මොකද වෙනත් අය වගේ මම මුදල් ඉල්ලන්නේ නැහැ. මෙම කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා ද මම අද තමයි දැක්කේ. රටක් ගොඩනැගීමට නිවැරදි තීන්දු තීරණ ගත යුතුයි. මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරිමත් සමග මෙරටට අවශ්‍ය සිරප් වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මගේ බලාපොරොත්තුව 2019 වසර අවසන් වන විට මෙරටට අවශ්‍ය ඖෂධ වලින් සියයට 80 ක් නිෂ්පාදනය කර අවසන් කිරීමටයි. ඖෂධ ආනයනය කිරිම සදහා බිලියන ගණනක් වැය කරන මුදල ඉතිරිකර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා. දේශීය ඖෂධ කර්මාන්ත ශාලා මගින් ලබාදෙන ඖෂධ වල මිල ඉතාම අඩුයි. මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල පාලනය කර ඇති අතර, ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග 27 ක මිල පාලනය කිරිමට මම තීරණය කර තිබෙනවා. වෙළෙදපොලට වෙළෙදපොල හැසිරවීමේ ඉඩ ලබාදිය යුතුයි. මොකද රටක අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණූ කිරීම තුලින් සංවර්ධනය ඇති වන බව ලෝක බැංකුව ද පිළිගෙන තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සහ බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දී තිබෙනවා. තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ඉදිරියේ දී ලබාදීමට නියමිතයි. අපේ රටේ ඖෂධ ආනයනය කරන ව්‍යාපාරිකයින් සිටින්නේ ටිකයි. නමුත් ඖෂධ භාවිතා කරන රෝගීන් ඉතා වැඩියි. අඩු මිලට ඖෂධ ලබාදීම වැඩපිළිවෙළත් මහරජාගේ කියලා හිතනවා ඇති. මොකද අපේ රජයේ ප්‍රචාරණය මදි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය සමග මම සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් කියන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා පාඩුවක් ලබන බවයි. මම ඔවුන්ගෙන් විමසා සිටියා එලෙස පාඩුනම් සියයට 40 ක් බෝනස් දෙන්නේ කොහොමද කියලා. ඖෂධ මිල අඩු කරන විටත් බාධා එල්ල වුනා. වර්තමානයේ යළි සේනක බිබිලේ ගැන තැන තැන කථා කරනවා. ජාතියේ ප්‍රණාමය පුද කරනවා. ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කරන විට ඇතැම් පුද්ගලයින් මටත් කිවුවා ඔය කරන්න බැරි වැඩක් කියලා. නමුත් මම එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මම ධීවර ඇමැති කාලයේ දී ටින් මාළු කර්මාන්තය ආරම්භ කරන විටත් නිලධාරීන් ප්‍රකාශ කළෞ බැහැ කියලයි. නමුත් කර්මාන්ත ශාලා 04 ක් ස්ථාපිත කළා. මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යධූරය දරන කාලයේ ද ටින් මාළු කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට උත්සාහ කළත් එය කිරීමට නොහැකි වුනා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට ප්‍රකාශ කර තිබුනා කර්මාන්ත ශාලාවක් විවෘත කර දින 02 කින් වසා දැමුවත් මම ධීවර ඇමැති කාලයේ එය ආරම්භ කළා කියලා රටට කියන්න පුළුවන් කියලා. නමුත් මම ධීවර ඇමැති කාලයේ ආරම්භ කළ කර්මාන්ත ශාලා විවෘත කිරීමට පැමිණීයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු එහිදී ප්‍රකාශ කළා රාජිත සේනාරත්න ශ්‍රේෂ්ඨ ධීවර අමාත්‍යවරයෙක් බව. මම ඖෂධ කර්මානත ශාලා හිමියන්ට ද කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙනවා අපට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම් සාමාන්‍යාධිකාරිනී සුජීවා විඡේසුන්දර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම්, දියත ෆාමසියුටිකල් සහ හෙල්ත් කෙයා පෞද්ගලික සමාගමේ සභාපති ගයන්ත දෙහිවත්ත, ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් ප්‍රනාන්දු ඇතුලු ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

ජනපතිවරණය නෙමෙයි …! පළාත් සභා….. ජනපති කියයි

Next Post

ක්‍රිකට් විනාශ කළ අය ජනපතිගේ වේදිකාවෙන් බිමට බස්සවන්න – ඇමැති අර්ජුන

editor

editor

Next Post

ක්‍රිකට් විනාශ කළ අය ජනපතිගේ වේදිකාවෙන් බිමට බස්සවන්න - ඇමැති අර්ජුන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved