විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගෙන තිබේ. පිරිහී තිබෙන රට නැවත නඟා සිටුවීමේ අරමුණ පෙරදැරිව ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනාධිපතිධූරයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව එහිදී ධර්මානුශාසනාව කරමින් ලංකාරාමාධිකාරී රලපනාවේ ධම්මජෝති නාහිමි සඳහන් කළහ.
අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමි බැහැදැක අෂ්ටපිරිකර පූජා කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු උඩමලූවට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව උඩමලූවට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ ජය පිරිත සඤ්ජායනා කරමින්, සෙත් පැතූ අතර ආගමික වතාවත් අවසානයේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට ඔවුන් කටයුතු කළේය.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ උතුරු මැද පළාත නියෝජනය කරන දේශපාලන නායකයින් රැුසක් සහභාගි වූහ.
ඊයේ සවස රුවන්වැලි මහා සෑය අභියස පැවැති ආගමික වතාවත්වලට එක්වු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදින රාති‍්‍රයේ අනුරාධපුරයේ දේශපාලන නියෝජිතයින් හමුව සුහද සාකච්ඡාවක ද නිරත විය.