• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ ඡන්දයට මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනපතිගේ අනුමැතිය !

30 September 2024
in දේශීය, පුවත්
මහ ඡන්දයට මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනපතිගේ අනුමැතිය !

මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා මෙලෙස කටයුතු කර ඇතැයි එම කොමිෂන් සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (සැප්. 29) පැවසීය.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ කරුණු පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද පැවසීය.

“ඔක්තෝබර් මස 4 වන දින සිට 11 වන දින මධ්‍යහ්න 12:00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා.

ඊට අදාළ ඇප මුදල් භාරගැනීම නොවැම්බර් 11 වන දා මධ්‍යහ්න 12:00 දක්වායි තියෙන්නේ. ඇප මුදල් තැන්පත් කිරීම අවශ්‍ය වන්නේ ස්වාධීන කණ්ඩායම් පමණයි. එක් එක් දිස්ත්‍රික්කයට තරග කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාවට අදාළ නිවේදනය නිකුත් කළා.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස පළමු වන දා සිට ඔක්තෝබර් මස අට වන දා දක්වා සිදුකරනු ලබනවා.

අදාළ කාලයේදී තැපැල් ඡන්ද අයැදුම්පත් සියලු ම තැපැල් ඡන්දදායකයන් ආයතන ප්‍රධානියාගෙන් සහතික කරගෙන දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා වෙත ලැබීමට සලස්වන ලෙස ඉල්ලනවා.

මැතිවරණය සඳහා අපි කලින් ඉල්ලුම් කරලා තියෙන ප්‍රමාණය මේ වන විට අවශ්‍යවන බිලියන 11ක ඇස්තමේන්තුවක් තමයි තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණයට අදාළව වරම් බලපත්‍රය ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව වාර්තා වෙනවා.”

[MAWBIMA ]

Post Views: 16
Previous Post

IMF නියෝජිත පිරිසක් අනිද්දා දිවයිනට!

Next Post

සා. පෙළින් මුල් තැන ගාල්ල සංඝමිත්තාවට: මුල් 10 දෙනාගෙන් 9 දෙනෙකු ම සිසුවියෝ!

Editor TTV News

Editor TTV News

Next Post
සා. පෙළින් මුල් තැන ගාල්ල සංඝමිත්තාවට: මුල් 10 දෙනාගෙන් 9 දෙනෙකු ම සිසුවියෝ!

සා. පෙළින් මුල් තැන ගාල්ල සංඝමිත්තාවට: මුල් 10 දෙනාගෙන් 9 දෙනෙකු ම සිසුවියෝ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved