• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතරට ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක්

27 March 2019
in සංවර්ධන

ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයාව සිටිය දී 2015 වසරේ දී ජර්මානු රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ සඳහා යුරෝ මිලියන 11ක් ප්‍රදානය කරන බව ජර්මානු රජය විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

2015 වසරේ දී කරන ලද මෙවැනි ම ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ ද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේ දී ඉදි කෙරිණි. දෙවැන්න මෙසේ මාතර ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දකුණේ තරුණ තරුණියන්ට තාක්ෂණික ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදා වනු ඇත.

විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත වීම හේතුවෙන් උසස් පෙළ සමත්ව එහෙත් විශ්ව විද්‍යාල වරම් නොලබා සමාජ ගත වන තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වයට පත් වීමට ඉඩ නොදී ජාත්‍යන්තර මට්ටමේ කාර්මික තාක්ෂණික පුහුණුව ලබා දීම රජයේ අපේක්ෂාවයි. වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන පරිදි විධිමත් පුහුණුවක් ලබා දීම තුළින් හැකියාවන්ගෙන් පිරිපුන් පිරිසක් බිහි කර ජාතික ආර්ථිකයට තරුණ දායකත්වයක් ලබා ගැනීමට රජය ගෙන ඇති පියවර මෙමගින් සාර්ථක කර ගත හැකි වනු ඇත.

ජර්මානු ආධාර යටතේ ඇරැඹුණ පළමු ආයතනය වන්නේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනයයි. 1958 දී දෙරට අතර අත්සන් තැබූ ගිවිසුම අනුව එය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කෙරිණි. එය රථ වාහන ඉංජිනේරුවන් බිහි කිරීමේ ප්‍රධානතම ආයතනය ලෙස අදටත් පවතී.

මාතර දී ඉදි කිරීමට නියමිත මෙම ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය තුළින් තරුණියන්ට තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබා දීමට අමතරව රටේ අනෙකුත් තාක්ෂණික විද්‍යාලවලට අවශ්‍ය පුහුණුකරුවන් හා උපදේශකයන් පුහුණු කිරීමට ද කටයුතු කරනු ලැබේ.

 

Post Views: 13
Previous Post

අයවැය අස්සේ ආණ්ඩු පෙරලන්න අදහසක් නෑ – මන්ත්‍රී තිලංග කියයි

Next Post

කාන්තාව නැතිව රට දියුණු කරන්න බෑ – අගමැති

editor

editor

Next Post

කාන්තාව නැතිව රට දියුණු කරන්න බෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved