• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණයක් ද…….? ජනමත විචාරණයක් ද ….!

14 June 2019
in දේශීය

2015 වසරේ පත් වු යහපාලනය රජය මේ වන විට එහි ඇති වු වෙනස්කම් අතර ඇමැතිවරු පත් කිරීම්, ඉවත් කිරිම්, මැතිවරණ කල් දැමිම, පනත් සකස් කිරීම වැනි විවිධිකාරයේ වෙනස්කම් රැසකට මුහුණ දෙමිනි.

මේ අතර අද වන විට සිදුව ඇති දේශපාලන අර්බුධ කොතෙක්නම්ද කියතොත් ජනතාවට පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගෙදර යවන තත්ත්වයකට පත්ව ඇත. ජනතාවගේ මතය කෙසේ වෙතත් ඉදිරි දේශපාලන ගමන කොහොම වේද යන්න පිළිබඳ හැමෝටම තියෙන්නේ කුතුහලයකි.

මේ දිනවලද පවා ජනාධිපති කාර්යාලයේද දේශපාලන බලපෙරළිම් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. කෙසේ වෙතත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ට නැවත වරක් ජනාධිපතිවරණයකට යාමට හැකිවන්නේ කෙසේ ද යන්න පිළිබඳ විවිධ සාකච්ඡා මගින් උපදෙස් ලබා ගැනීම් සිදු කරන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයෙකු අප වෙත කියා සිටියේය.

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඇතැම් පුද්ගලයින්ගේ චරිත පිම්බවිම් සිදුවන කාලයක් බවත් බොහෝ විට ඉදිරියේදි මැතිවරණ කල් දැමීමක් පවා සිදු විය හැකි බව එම ප්‍රකාශකයා අප වෙත කියා සිටියේය.

එසේම දේශපාලන විවාරකයෙකු අප වෙත කියා සිටියේ ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවකදී ජාතික වැදගත් ඇති ඕනෑම කාරණයක් පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීය හැකි බවයි. එය ගැසට් නිවේදනයකින් දැන්වීම් කල පමණින් වලංගු වන බව ඔහු කියා සිටියේය. එය උතුරු නැගෙනහිර වෙන් වෙන් වශයෙන් තබන්නේ ද, පාර්ලිමේන්තු ධුර කාලය දිගු කිරීමටත් වැනි බොහෝ කාරණා ජනාධිපතිවරයාට ජනමත විචාරණයකින් ඇසිමට හැකියාව ඇති බවයි.

නමුත් මේ අවස්ථාවේදී ජනාධීපතිවරයා එවැනි තින්දුවක් ගනිවිද යන්න පිළිබඳ ගැටළු සහගත වනු ඇති බව දේශපාලන විචාරකයා අප වෙත කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමීපතමයෙකු අප වෙත කියා සිටියේ පසුගිය කාලයේදී ඇතැම් උපදේස් ලබා දෙන පිරිස් විසින් ජනාධිපතිවරයාට එක් එක් කරුණු කාරණා ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයා සමිපතම ඇතැම් නීතිඥ පිරිස් විසින් පවසන ලද කරුණු කොතෙක් දුරට නිවැරදිද යන්න පිළිබඳ කිව නොහැකි බවත් ජනාධිපතිවරයා පසුගිය කාලයේදී විවේචනවලට ලක් වුයේද එම පිරිස් නිසාය.

කරුණු කෙසේ වෙතත් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහාම 18 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමට යොදා ඇති බවත් ඉන් හැඟවෙන්නේ කැබිනට් මණ්ඩලයට අහෝසි නොවන බවය. නමුත් රටේ දේශපාලනය තීරණය වන්නේ ද යන්න පිළිබඳ බොහෝ කරුණු තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් ජනාධීපතිවරයා සමීපතයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 22
Previous Post

නිදහස් හා සාමකාමී පත් කිරීමට දරන උත්සහාය අගය කරන බව සිංගප්පුරු ස්වදේශ ඇමැති කියයි

Next Post

හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය අයට ගෙවන වන්දි ඉහළට

editor

editor

Next Post

හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය අයට ගෙවන වන්දි ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved