• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණ කොමිසමේ තීරණයට අපි එකඟයි – විජිත හේරත්

2 October 2024
in දේශීය, පුවත්
මැතිවරණ කොමිසමේ තීරණයට අපි එකඟයි – විජිත හේරත්

රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එකඟව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (01) පැවසීය.

 

ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

 

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා,

“මේ මැතිවරණ කාලයක් නිසා මැතිවරණ කොමිසම ඒක අත්හිටුවන්න කියලා තියෙනවා. අපි මැතිවරණ කොමිසමේ තීන්දුවට එකඟයි. ඒ අනුව අපි කටයුතු කරනවා.”

 

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් 15,000 ක පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 26 වනදා පියවර ගත්තේය.

කෙසේවෙතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක අදාළ සහනාධාර ලබාදීම හරහා එක් පාර්ශ්වයකට වාසි සහගතවිය හැකි බැවින් මෙම සහනාධාර ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පියවර ගනු ලැබීය.

 

අදාළ යෝජනාව මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දී තිබුණි.

 

මේ අතර මැතිවරණය කොමිසම ගත් අදාළ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ජාතික සංවිධානය එකමුතුව අද දහවල් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාරදුනි.

 

මේ වනවිට ඇතිවී ඇති තත්ත්වය හමුවේ එළඹෙන මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ප්‍රමාද වුවහොත් ඉදිරියේදී සහල් හිඟයකට මුහුණදීමට සිදුවිය හැකි බවට ගොවි සංවිධාන අනතුරු අඟවා තිබේ.

Post Views: 19
Previous Post

වසරක් තුළ දෙවරක් ඉල්ලා අස්වූ බාබර්

Next Post

බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් අඩු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් අඩු කෙරේ

බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් අඩු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved