• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොන අභියෝග ආවත් මේ සටන අවසන් කරන බව ජනපති කියයි

31 March 2019
in දේශීය

ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අතිඋතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන අමතමින්.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ සිටම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව කියා සිටියේ ය.

රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග අද සමස්ත පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් අත්වැල් බැඳගෙන අවසන් බව සඳහන් කළ ජනාධිපතිවරයා මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බව ද කියා සිටියේය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීති රීති මේ වන විට ශක්තිමත් කර තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානු ද මේ වන විට තමා තීරණය කර අවසන් බව ජනාධිපතිවරයා පැවසීය.

මතින් නිදහස් රටක් වෙනුවෙන් අද උදෑසන සිදු කෙරුණු විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව බස්නාහිර පළාත් කතෝලික දෙව්මැදුර අසල සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත විය. ඉන්පසු අද පස්වරුවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි, ග්‍රැන්ඞ්පාස් සාන්ත ජෝශප්, වත්තල සාන්ත මරියා දෙව්මැදුරු වලින් පැමිණි විරෝධතා පා ගමන් මෝදර විට්ස්වයික් උද්‍යානයට එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

අතිඋතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් වහන්සේ ද මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරනු ලැබීය.

පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, කතෝලික පියතුමන්ලා සහ අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

නව ඖෂධ නිෂ්පාදනාගාර 02 කට මුල්ගල් තැබීම හෙට (01)

Next Post

රට දැන් සංවර්ධනය වෙලා .. මින් පස්සේ වෙන රටකට අපව පසුකරන්න දෙන්නේ නෑ – අගමැති

editor

editor

Next Post

රට දැන් සංවර්ධනය වෙලා .. මින් පස්සේ වෙන රටකට අපව පසුකරන්න දෙන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved