• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යළි ඝාතන සංස්කෘතියකට ඉඩ දෙනවාද? බුද්ධිමත්ව සිතා බලන්න …. ඇමැති සජිත් කියයි

20 October 2018
in දේශීය

මෙරට ඝාතන සංස්කෘතියක් නිර්මාණය කළ ඒකාධිපති පාලකයින්ට නැවත රටතුළ ඝාතන සංස්කෘතියක් ක්‍රියාත්මක කිරීමට ජනතාව ඉඩ ලබා දෙනවාද, නැද්ද, කියා බුද්ධිමත්ව සිතා බැලිය යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බියෙන් සැකෙන් තොරව ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් යහපාලන රජය අද රටතුළ නිර්මාණය කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා එදා ඝාතන සංස්කෘතිය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ පරාජිත දේශපාලන කණ්ඩායම නැවත හිස එසවීමට කටයුතු කරමින් සිටින බවත්, ඔවුන් නැවත බලයට පැමිණියහොත් වත්මන් යහපාලන රජය යටතේ ජනතාව භුක්ති විඳින නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා සංවර්ධයේ ප්‍රතිලාභ පරාජිත දේශපාලන කණ්ඩායමෙන් ජනතාවට ලැබෙයිද කියා හොඳින් සිතා බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කතා කිරීමේ නිදහස, දේශපාලන නිදහස, රැස්වීම් පැවැත්වීමේ නිදහස ජනතාවට අහිමිකර, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය භීෂණය, සුදු වෑන් සංස්කෘතිය පසුගිය පාලන සමයේදී මෙම විරුද්ධවාදී කණ්ඩායම රටේ ජනතාවට ලබා දුන් ප්‍රතිලාභ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

ජාතිවාදය, ආගම්වාදය පතුරවා රට ගිනිතබා විනාශකර හෝ තම පවුලට බලය ලබා ගැනීම විරුද්ධවාදින්ගේ එකම අරමුණ බවත්, ජාති, ආගම් භේද මෙරටින් අතුගා දමා එකීය රටක් තුළ සියලු දෙනාට සංහිඳියාවෙන් සහෝදරත්වයෙන් ජීවත් විය හැකි යුගයක් යහපාලන රජය නිර්මාණය කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේ උතුර, කොකුවිල් හි ඉදිකළ “විලුදු නගර්” හා “සුබිට්චම් නගර්” යන උදා ගම්මාන 2 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (20) දින සහභාගී වෙමින්. මෙය “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 141 වැනි හා 142 වැනි ආදර්ශ ගම්මාන වේ.

නිවාස 43 කින් සමන්විත මෙම ගම්මාන 2 අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 369 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

උදාගම්මාන 2 ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 43 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 1,075 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 43 ක හිමිකම් ප්‍රදානය, ප්‍රතිලාභී පවුල් 250 කට රුපියල් ලක්ෂ 1,250 ක් වටිනා නිවාස අධාර ප්‍රදානය, ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා නිවාස ණය ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා “විසිරි නිවාස ණය” ප්‍රදානය, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් සඳහා ස්වයං රැකියා අධාර සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 122 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ජාතික ඒකාබක්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය සෙයියඩි අලි සහීර් මවුලාන, පාර්ලිමේන්තු මන්ත්‍රී වන ජී. ශ්‍රීනේෂන් මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Post Views: 7
Previous Post

ඉන්දියාවෙන් ජීප් රථ 750 ක් ශ්‍රී ලංකාවට

Next Post

ආනයනික භාණ්ඩ නිෂ්කාශනයට බන්දිත ගුදම් පවත්වාගෙන යන්න පෞද්ගලික අංශයටත් අවසර

editor

editor

Next Post

ආනයනික භාණ්ඩ නිෂ්කාශනයට බන්දිත ගුදම් පවත්වාගෙන යන්න පෞද්ගලික අංශයටත් අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved