• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද ජනපති අතින්

17 October 2019
in සංවර්ධන

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද(17) උදෑසන නවයට ආරම්භ වන රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වේ.

අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවයි.

එසේම යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිට වේ. ඒ් Alliance ගුවන් යානයකි. මංගල දූත කණ්ඩායම තිස් දෙනකුගෙන් සමන්විත වේ. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙයි. යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි.

ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කළ බවයි. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier – 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ.

Post Views: 8
Previous Post

ඥානසාර හිමි නිහඩ පිලිවෙතක…..! 

Next Post

මම ජනපති වුණොත් මට එක මනුස්සයෙක් කොළඹට ගෙන්වන්න බැරි වෙනවා – රොහාන් පල්ලෙවත්ත

editor

editor

Next Post

මම ජනපති වුණොත් මට එක මනුස්සයෙක් කොළඹට ගෙන්වන්න බැරි වෙනවා - රොහාන් පල්ලෙවත්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved