• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් තබා ගැනීමට සැලසුම්

24 January 2025
in දේශීය, පුවත්
රජය වී මිලදි ගන්නසැලසුම්

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.

තවද දැනට අඩපනව පවතින සුළු හා මධ්‍ය  පරිමාණ සහල් කර්මාන්ත නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බවද ජයරත්න මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් සමග පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 23 වෙනිදා පැවැති සාකච්ඡාවකදී ජයරත්න මහතා එම කරුණු අනාවරණය කළේය.

මෙහිදී සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන්ට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක්විය.

සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් මෙහිදී පෙන්වා දුන්නේ බොහොමයක් කුඩා සහල් සැකසුම්කරුවන් පැවති ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් මත තම ව්‍යාපාර අඩපණව තිබෙන බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය ලක්කර මෙවර රජය ඉදිරිපත් කොට ඇති වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමන් උපරිම ලෙස දායකත්වය ලබාදෙන බවය.

මෙම අවස්ථාවට සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. මදනායක, ආහාර කොමසාරිස් උපුල් අල්විස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් ජේ.රලි යුදින්, සතොස සභාපති කෝසල විල්බව, උතුරු මැද ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ලලිත් තිස්ස කුමාර මහතා ඇතුළුව සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගම්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 95
Previous Post

‘ජනතාවට බිය නැතිව ජීවත් වෙන්න සැලසූ මහින්දට ගෙයක් දීම පවක් නොවේ’-චන්දිම වීරක්කොඩි

Next Post

සති අන්තයේ කාලගුණය කුමක් වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
සති අන්තයේ කාලගුණය කුමක් වෙයිද?

සති අන්තයේ කාලගුණය කුමක් වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved