• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට ගැලපෙන කෙනෙක් තමයි අපි දාන්නේ – ඇමැති කිරිඇල්ල

5 August 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, කන්ද උඩරට උරුමයන් සංවර්ධන මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උපාධිදාරීන් 750කට රජයේ රැකියා පත්වීම් ලබාදීම සඳහා වූ මහනුවර දිස්ත‍්‍රීක් ලේකම් කාර්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තම පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ වගකීම සම්පූරණයෙන්ම පැවරී ඇත්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවයි. පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ශකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් වූවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බවත් හෙතෙම පැවසිය.

මේ රට මුහුන දී ඇති ප‍්‍රධානම ගැටලූව ජාතික සමගිය බිඳ වැටීම බවත් ජාතික සමගිය ගොඩනැගීම මතින් රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි බවත් ඔහු අනාවරණ කළේය.

රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීම වෙනුවන් රාජ්‍ය සේවකයාට වැඩි වගකීමක් ඇති බවත් එම කර්තාව්‍ය සිදුකිරීමට පහසුම පුද්ගලයින් වනුයේ රාජ්‍ය සේවකයා වන බවත් ජාතින් අතර ඇති ගැටලූව විසඳීමට සෑම ජාතියකටම සමානව සැලකීම මගින් සිදු කල හැකි බවත් පත්වීම් ලබාගන්නා සියලූ උපාධිදාරීන් තම මවුබිම වෙනුවෙන් ඒ කර්තාව්‍යට දායක වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු මෙරට අධ්‍යාපනයේ සිදුවූ විශේෂම පෙරලිය වූයේ එක්සත් ජාතික පක්ෂ අධ්‍යාපන අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා ඇතිකළ මහපොල ශිෂ්‍යත්ව ක‍්‍රමය බවත් ඒ හරහා අඩු ආදායම් ලාභී පවුල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන පසුබිම සකසා දීමට හැකියාව ලැබුනු බවත් හෙතෙම සඳහන් කලේය.

වත්මන් එක්සත් ජාතික පක්ශ රජය යටතේ උසස් අධ්‍යාපන ධුරය දරණ සමයේ විශ්වවිද්‍යාල වල නේවාසික පහසුකම් පිලිබඳව පැවති ගැටලූව සම්පූරණයෙන්ම තුරන් කිරීමටත් විද්‍යාපීඨ හයක් බිහි කිරීම මගින් රටේ දුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලඟා කරවීම උදෙසා කටයුතු කිරීමට තමාට හැකියාව ලැබුන බව එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා. තවද රටට විශාල අඩුවක්ව පැවති වෛද්‍ය පීඨ දෙකක් කුරුනෑගල සහ සබරගමුව ඉදි කිරීම තමාගේ ධුර කාලයේ සිදු කල බවත් සඳහන් කර සිටියා.

පවතින එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රටේ සෑම ප‍්‍රදේශයකටම විහිදී ගිය සංවර්ධනයක් සිදු කිරීමට හැකියාව ලැබුන බවත් එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Post Views: 24
Previous Post

අපි මහන්සි වුණේ ජයගන්න… කවුරුවත් අයින් වෙන්නේ නෑ – අගමැති

Next Post

මුතුරාජවෙල පරිසර විනාශයට ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධ බව ජනපති කියයි

editor

editor

Next Post

මුතුරාජවෙල පරිසර විනාශයට ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධ බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved