• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

31 July 2019
in Uncategorised

රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශ්වය විසින් ලබාදෙන යෝජනා බෙහෙවින් වැදගත් වන බවත්, රටේ අනාගත පරපුර අධ්‍යාපනය තුළින් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන, වෙනස්ව සිතන, බොහෝ දෙනෙක් සිටින බවත්, එම අදහස්, යෝජනා තමන් වෙත හැකි ඉක්මණින් ලබාදෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පවත්වන ලද බුත්සරණ කෘතිය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිය ප්‍රමුඛ කාර්යයක් ලෙස ක්‍රියාවට නංවනු ලබන සාහිත්‍යමය වටිනාකමින් යුත් පැරණි සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත්කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‍ මෙම කෘතිය එළිදැක්වීමට ද කටයුතු කර තිබේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ, “මේ කටයුත්ත අනාගතයට පැරණි වටිනා ග්‍රන්ථ දායාද කිරීමක් ලෙසයි අපි දකින්නෙ. මහා වංශය, ඇතුළු තවත් ග්‍රන්ථ ගණනාවක් ම මේ ආයතනය විසින් සංස්කරණය කරල පැවරුවා. මම නම් බලාපොරොත්තු වෙන්නෙ මෙතැනින් නවතින්න හොඳ නෑ. තවත් කොතෙකුත් ඇති මෙවැනි කෘති. සිංහල කෘති දෙමළ භාෂාවටත් දෙමළ කෘති සිංහල භාෂාවටත්, පරිවර්තනය කරමු කියල මම අපේ පුස්තකාල මණ්ඩලේ සභාපතිතුමාට කිව්වා. සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කරනවා නම් කවර ග්‍රන්ථ ද කොපමණ තියෙනව ද මුල්‍යමය වශයෙන් කොපමණ යනවද ආදී වශයෙන් තොරතුරු මට ඉක්මණින් ලබාදෙන්න. මුද්‍රණ සංස්ථාව අපේ යටතේ තියෙන නිසා මුද්‍රණ පිරිවැය පමණක් දරලා අපට ඒක කරගන්න හැකිවේවි. තවත් මෙවැනි ‍කළ යුතු දේ කියන්න. ඉක්මණින් අපට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට මේ වනවිට අදාළ පියවර ගෙන ඇති බව ද ,රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සලකා, වැයවන වියදම ගැන නොසිතා කළ යුතු වෙනස්කම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකරන්නට නොපැකිළී ඉදිරිපත්වන බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. පොතපතට දරුවන් වැඩි වැඩියෙන් ඇබ්බැහි කරමින් කියවීමට දිරිගැන්වීම වෙනුවෙන් කළන මිතුරු-පොත් සුමිතුරු නමින් කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පාසල් දරුවන් වෙත හඳුන්වා දුන් බව ද, මේ වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ‍පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම සඳහා ලබාදුන් බව ද, වැඩියෙන් ම පොත් කියවන දරුවන් 1000ක් මේ වසරේ දී ඒ අනුව ඇගයීමට ලක් කරන බවද, ඒ අතරින් විශිෂ්ටයින් 100ක් තෝරාගෙන ඔවුන්ට චීන අධ්‍යයන සංචාරයකට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇති බවයි.
පාසල් විෂය මාලා සම්පාදන කටයුතුවල දී කළ යුතු වෙනස් කම් සිදුකිරීමට හැකිතරම් රටේ විවිධ ක්ෂේත්‍රවල සිටින විද්වතුන් සම්බන්ධ කරගන්නා ලෙසත්, වැඩිපුර කල් නොදමා, අලුතින් සිතා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවන ලෙසත් අවධාරණය කළේ ය ” යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන, සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස, සම්මානිත මහාචාර්ය ජේ. බී දිසානායක, විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසක්, මේ අවස්ථාවට එක්වූහ.

 

Post Views: 18
Previous Post

රටේ අධ්‍යාපනය වෙනස් කරන්න ඔ‌බේ අදහස් කියන්න

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම්වන්න

editor

editor

Next Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම්වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved