• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට අකර්මන්‍ය කිරීම ඉඩ නොතබා රාජකාරී කරන්න – ඇමැති වජිර කියයි

30 April 2019
in දේශීය

ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ රට අකර්මන්‍ය කිරීම බවත් එයට ඉඩ නොදිය යුතු බවත් රජයේ නිලධාරීන් විදියට රටේ ආරක්ෂාව ගැනත් සැළකිලිමත් වෙමින් සාමාන්‍ය කටයුතු නිසි පරිදි පවත්වාගෙන යා යුතු බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) සියලුම දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයූතු අංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ රැස්වීමක දී අදහස් දක්වමිනි.

හදිසි නීතිය යටතේ දිස්ත්‍රික්කයන්හි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම රැස්වීම කැඳවා තිබිණි.

වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍යය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා, අමාත්‍යාංශ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිසාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

එහි දී අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා ”හදිසි නීතිය ක්‍රියාත්මකවීමත් සමගම දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සම්බන්ධයේන දිසාපතිවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඒ අනුව දිසාපතිවරුන් ක්‍රියාත්මක විය යුතුයි. කාර්යාලයේ සහ නිලධාරීන්ගේ ආරක්ෂව පමණක් නොවෙයි සමස්ථ දිස්ත්‍රික්කයේ ම ආරක්ෂාව ගැන වගකීමක් ඔබට තිබෙනවා. දිස්ත්‍රික්කයේ ආරක්ෂක කමිටු මගින් අවශ්‍ය ප්‍රදේශවලට නිසි ආරක්ෂාව ලබාදීම ගැන සොයා බලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදීන්ගේ මූළික අරමුණක් වෙන්නේ රට අකර්මන්‍ය කිරීම. අවුරුදු 30ක වර්ගවාදී යුද්ධයක් තිබුණු කාලයේ තැන තැන බෝම්බ පිපිරී ගියත් රටේ රාජ්‍ය නිලධාරීන් පුද්ගලික අංශයේ සේවකයන් වැඩට ආවා. තමන්ගේ රාජකාරී සිදුකළා. නමුත් පසුගිය සතියක කාලයක් අපි සිදුවුණේ බොහෝ දෙනකු රාජකාරියට වාර්තා නොකරන තත්ත්වයක්. අපි ත්‍රස්තවාදීන්ගේ අරමුණට ඉට නොදිය යුතුයි. සෑම කාර්යාලයකම කටයුතු නිසි පරිදි කලට වේලාවට සිදුවෙන්න අවශ්‍යයි. අද සමාජ මාධ්‍යවල විවිධ අදහස් පලකරන වැඩි දෙනෙක් තිස් අවුරුදු යුද්ධය ගැන නිසි අත්දැකීම් තිබෙන අය නොවෙයි. අවුරුදු 10ක කාලයක දී බොහෝ අයට යුද්ධය අමතක වෙලා. යුද්ධයක් තිබිය දී මේ රටේ සාමාන්‍ය වැඩ කෙරුණා. ඒ වගේ කාර්යාලයට එන්නේ සුළු පිරිසක් නම් ඒ අය සමග සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගෙන යන්න.”

මෙම රැස්වීම සඳහා පැමිණ සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ද ආරක්ෂාව සම්බන්ධයෙන් දිසාපතිවරු ඇතුළු නිලධාරීන් දැනුම්වත් කළේය.

 

 

Post Views: 9
Previous Post

ආරක්ෂක ලේකම් ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ

Next Post

ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩයි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

editor

editor

Next Post

ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved